මගේ මුලු ජීවිතේම රැවටීමකට අහු වෙලා. ආදරේ කරන කාලේ ඉඳන් රැවටිලා මං තාමත් රැවටෙනවා” මේ අපේ සමූහයට ලැබෙන නිර්නාමික පණිවිඩ බොහොමයක කතාව.
රැවටීම කියන සාධකයට කිසිම පුද්ගලයෙකු කිසිම දවසක ලක් විය යුතු නැහැ.පවුල් ජීවිතය තුළ ඔබේ සැමියා අතින් ඔබ රැවටීමට ලක් වෙනවා නම් එය ඉතාම ඛේදනීය කාරණාවක්.එයට මුහුණ දෙන්නේ කෙසේද?අද අපි ඒ ගැන ඒ ගැන කතා කරමු.
මුලින්ම ඔබ සැබෑවටම අවබෝධ කළ යුතු දෙයක් තිබෙනවා.ඔහු කුමන තරමට ඔබ රැවටුවත් ඔබ මානසිකව ඇද වැටිය යුතු නැහැ.විවාහයක් ලෙහෙසි පහසුවෙන් අවසන් කරගැනීමට හැකියාවක් ඇති බව සත්‍යයක්.නමුත් සියල්ල පිළිසකර කරගෙන රැඳී සිටිනවාද නැතහොත් ඉවත් වෙනවාද යන්න සහමුලින්ම ඔබේ තීරණයක්. ඊට හේතු වන්නේ සමහරුන්ට සමාව දීම කළ හැකි වුවත් සමහරෙකුට සමාව දීම අතිශය අමාරු කටයුත්තක් නිසා.
රැවටීමට ලක් වෙමින් වේදනාවෙන් සිටින ඔබට මේ තත්ත්වය සමනය කර ගන්නටත් ඉදිරියේදී තීරණ ගන්නටත් පහසු වන්නේ කොහොමද?මේ tips ඒ සඳහා ඔබට උදව් කරාවි.ඔබේ වේදනාවට මේ සරල විසඳුම් පිළිසරණක් වන්නටත් ඉඩ තිබෙනවා.
සැකයක් ඇති වූ පමණින්ම එය සත්‍යක් වන්නටත් බැහැ.ඔහු සැබෑවටම ඔබ හෙමින් හිඳි වාද යන්න මුලින්ම ඔබ තහවුරු කර ගැනීමට අවශ්‍යයි.ඒ නිසා ඔබ ළඟ ඇති සාධක ගැන දෙතුන් වතාවක් සිතා බලමින් ඔබේ සැකය සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට මුලින්ම එළඹිය යුතුයි.
වෙනත් සම්බන්ධයක්,ඔබට නොකියා සිදුකල යම් මූල්‍ය වංචාවක් මේ ඕනෑම දෙයක් ගැන ඔබ සැකයෙන් සිටිනවා වන්නට පුළුවන්.මුලින්ම හොඳ හුස්මක් ගන්න.වාදයකට හෝ රණ්ඩුවකට නොගොස් ඔහුගෙන් එය සම්බන්ධයෙන් පැහැදිලිව විමසන්න.සමහර විට ඔහුගෙන් ඔබට සෘජු පිළිතුරක් ලැබෙන්නට පුළුවන්.නැතිනම් ඔහු අමු අමුවේ බොරු කියන බව ඔබට දැනෙන්නට පුළුවන්.
එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස පවසන්නට ඔහුට ඉඩ තබන්න.
මේ බොහොම වැදගත් කාරණාවක්.ඔහු ඔබේ හැඟීම් සමග සෙල්ලම් කර තිබෙන බව ඇත්ත.නමුත් ඔහුගේ ඒ වරද දරුවන් සමග හෝ පවුලේ කිසිවෙකුත් සමග බෙදාගන්නට යන්නට එපා.අප පිට කරන වචන අපට නැවත ලබා ගැනීමේ හැකියාවක් නැහැ.තාත්තා සම්බන්ධ වැරදි ඔබේ දරුවන්ගේ මනසට ඇතුළත් වීමෙන් ඔවුන් පියා ගැන වැරදි චිත්‍ර මවා ගන්නට ඉඩ තිබෙනවා .අනෙක් අය සමග ඔබේ ප්‍රශ්න බෙදාගැනීම ඔබ දෙදෙනා ඔබේ පවුලේ අනිත් අයගේ ඕපාදූප මාතෘකාවකට ලක් වන්නට හේතුවක්.ඒ නිසා ඔබේ ප්‍රශ්නය ඔබ දෙදෙනා අතර තබාගන්න.
ඔබේ සැමියාගේ වෙනත් සම්බන්ධයක් ගැන ඔබ සැකයෙන් පසුවන බව සිතන්න.ඔබ සැකකරන සැක කරන කාන්තාවට බැණවැදීම දොස් පැවරීම හෝ ඇයට ප්‍රසිද්ධියේ අපහාස කරන්නට යන්නට එපා.මතක තබාගන්න ඔබ සිටින්නේ සැකයක පමණයි.ඒ නිසා තුන්වන පාර්ශවය ඔබේ ප්‍රශ්නයේ සාමාජිකයෙකු කරගන්නට අවශ්‍ය ම නැහැ
එසේ වන්නට හේතුව ඔබේ වරදක් නොවේ.ඔබ ලස්සන නැති වීම,බුද්ධිමත් නොවීම වගේ කාරණා ඔහුට ඔබව රවටන්නට හේතුවන්නේ නැහැ.ඒ නිසා තමන් ගැන අඩු තක්සේරුවෙන් සිතමින් තමන් ම පහළට ඇද දමා ගැනීම වහාම නවතා දමන්න
ඔහුගේ දුරකථනය පරික්ෂා කිරීම,ඔහු යන එන තැන් පරික්ෂා කිරීම,ඔහුගේ බැංකු ගිණුම් හා වත්කම් සම්බන්ධයෙන් රහසිගත ව විමසා බැලීම ආදිය නවතා දමන්න.මේවා ඔබට මානසික පීඩාවක් ඇති කරන කාරණා පමණයි.ඔබම රවටන බව තහවුරු නම් දිගින් දිගටම ඔත්තු බලමින් ඔබේ මනසට පීඩා ඇති කර ගැනීම කිසිසේත්ම කළ යුත්තක් නොවේ.ඔබ මෙතනින් එහාට කරන දේ ගැන සිතා බලන්න.
එය ඉතා තදින් කිහිපවතාවක් සිතා බලා ගත යුතු තීරණයක්.ඔහුට තව අවස්ථාවක් හිමිවිය යුතු බව ඔබ සිතනවානම් ඔහු සමඟ උපදේශනය වෙත යන්න.ඇතැම්විට රැවටීම සඳහා යොමු වන්නට හේතු කාරණා දැනගෙන ඔහුට තවත් අවස්ථාවක් ලබාදෙන්නට ඔබ කටයුතු කරන්නට පුලුවන්.රිදීම් දරාගෙන දරා ගෙන තවදුරටත් මේ විවාහය පවත්වාගෙන යා යුතු නැති බව ඔබට හැඟී යයි නම් නීත්‍යානුකූල වෙන් වීමකට ද ඔබට ඉඩ තිබෙනවා.මේ සියල්ල බොහෝ ගැඹුරින් සිතා බලා සිදු කළ යුතු කාරණා.
ජීවිතය කියන්නේ බොහෝ දිගු කාලීන අත්දැකීමක් නෙවෙයි.රිදවීම් දරාගනිමින් අපහසුවෙන් ජීවිත දෙකක් එක තැනක රැඳිය යුතු නැහැ.ඒ නිසා ඔබ රැවටෙමින් සිටිනවානම් ඔබේ අනාගතය ගැන සිතා ඔබට පහසු තීරණය ගැනීමට ශක්තිමත් වෙන්න.
වේදනා දරා ගන්නා ගැහැනියකට ඉන් මිදී ෆීනික්ස් කිරිල්ලක වී නැඟීසිටිය හැකි බව අමතක කරන්න එපා.
Saru FM Media