ඔබත් ආතතියෙන් ද ??

0
10


“මට හරිම ආතතියයි” , “එයා මේ දවස් වල ඉන්නේම ආතතියෙන්”, “Life is so stressed” , මේ දවස් වල නැතත්, ජීවිතේ එකම එක වතාවක් හරි ඔයා මේ කතා අහලා, කියලා ඇති. සමහරවෙලාවට ආතතිය දරාගන්න බැරිව සිද්ද වුණ අවාසනාවන්ත සිදුවීම් වල අත්දැකීම් ඇති. එහෙම සිදුවීම් වල සාක්කිකාරයෝ වෙන්න ඇති. අද මෙ ලිපිය ඔබ කියවන්නම ඕනි ඒ නිසා.

ආතතිය කියන්නේ අපේ ඇඟේ තියෙන සාමාන්‍ය ප්‍රතික්‍රියාවක්. අපි කෑවම ආමාශ බිත්ති වලින් රසායන ද්‍රව්‍ය ශ්‍රාවය කරලා ඒ ආහාර ජීර්ණය කිරීමේ ප්‍රතික්‍රියා සිදු කරනවා වගේම ක්‍රියාවලියක්. අපේ ශරීරය ගොඩ නැඟිලා තියෙන්නේම ආතතිය දරාගෙන ඒ ආතතියට ප්‍රතිචාර දක්වලා ඉදිරියට යන විදියට. එදිනෙදා ජීවත් වෙනකොට  ඔබට මුහුණ දෙන්න  වෙන අත්දැකීම් , අභියෝග නිසා ඔබේ ශරිරය තුළ වගේම මනසේත් යම් යම් වෙනස්කම් තියෙන ප්‍රතිචාර ඇති වෙනවා. මෙන්න මේ ප්‍රතිචාර වලට තමයි ආතතිය කියන්නේ. 

ආතතිය කියන්නේ යකෙක් නෙවෙයි. අපි ආතතිදායි තත්ව වලට මුහුණ දෙනවා කියන්නේම , අපේ ශරීරය නව තත්වයන්ට හැඩගැහෙනවා. ඒ වගේම අපිට ධනාත්මක බලාපොරොත්තු හදාගන්න, අවධානයෙන් ජීවත් වෙන්න, අනතුරු වලක්වා ගන්න වගේ කාරණා ආතතිය ඇති වීම තුළ සැපිරෙනවා.

ඕනෑම ශරීරයක් තුළ වෙනස්වීම් වෙනුවෙන් දරාගන්න පුලුවන් කාලයක් තියෙනවා. එක් වෙනස්වීමක ඉඳන් ඊළඟ වෙනස්වීම වෙනුවෙන් පහු කරන්න ඕනි සුප්ත කාලයක් තියෙනවා. ඒක පැයක්, දවසක්, සතියක්, අවුරුද්දක් වෙන්න පුලුවන්. අන්න ඒ කාලේ ලැබෙන්නේ නැතුව දිගින් දිගටම ජීවිතේ වෙනස්වීම්, අභියෝග වලට මුහුණ දෙන්නඔබට සිදු වෙනකොට ඔබට මානසික වගේම ශාරීරික වෙහෙසක් ඇති වෙනවා. ඒ වෙනස්කම් දරාගන්න බැරුව යනවා. එහෙම වුනාම ආතතිය පාලනය කරගන්න එක, කලමනාකරණය කරගන්න එක ඔබට පහසු නොවී යන්න පුලුවන් .

ඔබ තුළ තියෙන ආතතිය ඔබට දරාගන්න බැරි තැනකට එනකොට මානසික වගේම භෞතික කාරණා වලිනුත් ඒක එලියට පේනවා. ඒ ලක්ශණ ගැන අවබෝධෙන් ඉන්න එක ඔබට වගේම ඔබ වටේ ඉන්න ඔබේ හිතවතුන්ගේත් ජීවිත සුරක්ශිතතාවය වෙනුවෙන් වැදගත්

මෙහෙම ලක්ශණ දිගටම තියෙනවා නම්, ඔබ සැලකිලිමත් වෙන්නම ඕනි

හදිසි ශරීර කැක්කුම් සහ වේදනා

හිටපු ගමන් මුළු ඇඟම මහා වේදනවකට වැටෙනවා ඔබට දැනිලා තියෙනවා නේද ? ආයේම කල්පනා කරලා බැලුවම ඒ වෙලාවේ ඔබ ඉඳලා තියෙන්නේ විශාල ප්‍රශ්නයක කියලත් මතක් වෙනවා නේද? 

පපුවේ කැක්කුම් සහ හදවත ඉතා වේගයෙන් ගැසෙන බව දැනීම

ප්‍රශ්නයක් දරාගන්න පුලුවන් සීමාව ඉක්මවලා, ඒක ආතතියක් බවට පත් වෙනකොට පපුවේ වේදනා මතු වෙනව. ඒ වගේම හදවතේ ස්පන්දනය අසාමාන්‍ය විදියට වේගයෙන් දැනෙන්න ගන්නවා.

නිදාගැනීමේ අපහසුතා

වෙනදා ඇඳට වැටුණ ගමන් නින්ද යන අයට, ඇඳේ පෙරලි පෙරලි මුළු රැයක්ම ඉන්න වෙන දවස් එනවා. එහෙම දවස් කියන්නෙ ඔබ ආයෙම ඔබට රීෆ්‍රෙශ් වෙන්න කාලය දෙන්න ඕනි දවස්

හිසරදය

 නැගිට්ට වෙලාවේ ඉඳලා නිදාගන්නකල්ම සැරෙන් සැරේ හිස රිදුම් දෙන එක, වැඩක් කරන්න පටමන් ගන්නකොටම හිසරදේ හැදෙන එක අවධානය යොමුකරන්නම ඕනි කාරණා.

කරකැවිල්ල සහ වෙවිලීම

අත්, පා වෙවුලන එක වගේම හිටි ගමන් විසිවෙලා වැටෙන්න යනවානම්, කරකැවිලා වැටෙන ගතියක් දැනෙනවා නම් ඔබ අනිවාර්යයෙන් ඔබ ඔබ කරන කියන දේවල් ගැන ආයෙඅ හිතන්න ඕනි

අධි රුධිර පීඩනය

එකපාරටම රුධිර පීඩනය වැඩි වෙන එකත්  ඉහළ  ආතතියේ ලක්ශණයක්.

මාංශ පේෂී වල වේදනා සහ හකු වල වේදනා

නිතරම මාංශපේශී වේදනා දෙනවානම්, හකු තද වෙලා කතා කරගන්න පවා අපහසු බවක් දැනෙනවා නම්, ඔබ සැලකිලිමත් වෙන්න ඕනි

ආමාෂයේ සහ ආහාර ජීරණයේ ගැටළු

සමහරවෙලාවට පාචනය, මළබද්ධය, ඔක්කාරයට එන එක වගේ ප්‍රශ්න දිගින් දිගටම පැවතෙනවා නම් ඔබ යම් ආතතිදායී පිවිසුමක ඉන්නවා වෙන්න පුලුවන්. ඒ ගැන හිතල බලලා කලමනාකාරණය කරගන්න එක වැදගත්

ලිංගිකව හැසිරීමේ ගැටළු

දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය

ශරීරය දුර්වල බව දැනීම

නිතර සීතල බව දැනීම

වියළි මුඛය සහ ගිලීමට අපහසු වීම

මේ  ඔබ ඉන්නේ දරාගන්න බැරි ආතතියක නම් ,මානසිකව ඔබට දැනෙන වෙනස්කම්

කාංසාව

කිසිම කෙනෙක් නැතිව් තනිවුන ගතියක්, එහෙම නැත්නම් කොච්චරක් දෙනා හිටියත් තනිවුණ, එපාවුණ ගතියක් දැනෙන එක අධික ආතතියේ මානසික ලක්ශණයක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here