මල් ලෝකය මත රෝස මලට හිමි වන්නේ සුවිශේෂ තැනක්. නෙත අලවන රෝස මල ඉතා සුන්දර කාන්තාවන්ට උපමා කරන්නේ ද එනිසාමයි. රෝස මලේ ඇති සිනිඳු බව ඔබට ලබා ගන්නට ඉතා පහසුවෙන් හැකියි. ඒ රෝස මලින් නිපදවන රෝස වතුර හරහා.
රෝස වතුරට කාන්තා සම සුසිනිඳු කිරීමේ විශේෂ හැකියාවක් තිබෙනවා. ඒ වගේම සම පැහැපත් හා නීරෝගි කරන්නටත් රෝස වතුර සත්කාරයෙන් ඉටු වන්නේ ඉතා ඉහළ මෙහෙයක්.
රෝස වතුර ලෙස හඳුන්වන්නේ විවිධ වර්ගවල රෝස මල් පෙතිවල පවතින තෙල් ඉතාම වියදම් අධික ක්‍රම යොදා ගෙන නිස්සාරණය කරගත් විට ලබා ගත හැකි සගන්ධ තෙල් විශේෂයේ තනුක අවස්ථාව. රෝස සාරය ලෙස හඳුන්වන තෙල් විශේෂය නිස්සාරණය කරන්නේ තඹ බොයිලේරුවක් තුළ පැයකට වැඩි කාලයක් රෝස පෙති තැම්බීමෙන් ලැබෙන වාෂ්පය ඝනීභවනය වෙන්නට ඉඩ හැරීම මඟින්. ලැබෙන දියරයේ 20% ක් පමණ රෝස සාරය අන්තර්ගත වෙනවා. ඉතිරි වන ජලය කොටස පෙරා ගැනීමෙන් රෝස සාරය ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රෝස තෙල් මිලි ලීටරයක් ලබා ගන්න රෝස මල් තුන්දහසකට වඩා අවශ්‍ය වෙනවා.නමුත් එහි සාන්ද්‍රණය ඉතාම අධික නිසා බොහෝ දුරට තනුක කර රෝස වතුර ලෙස ප්‍රයෝජනයට ගන්නත් හැකියාව තියෙනවා. රූපලාවණ්‍ය නිෂ්පාදන සැකසීමේදී රෝස සාරයට හා රෝස වතුරට ඇති අධික ඉල්ලුම නිසා බල්ගේරියාව වැනි රටවල රෝස තෙල් නිපදවීම වෙනුවෙන්ම රෝස වගාවන් පවතිනවා.
මෙවන් බොහෝ ප්‍රයෝජන ලබා දෙන රෝස වතුර අපට ලබා ගත හැක්කේ රූපලාවණ්‍ය නිෂ්පාදන හරහා. සමේ හා හිසකෙස් වල ගැටලු ඇත්නම් ඔබට රෝස වතුර අඩංගු විශ්වාසනීය රූපලාවණ්‍ය නිෂ්පාදනයක් භාවිතා කිරීමෙන් ඒ ගැටලු මඟ හරවා ගැනීමේ හැකියාව තිබෙනවා.
-නිබන්ධිකා-
Saru FM Media