ඔබට ගැළපෙන අත් ඔරලෝසුවක් තෝරාගන්නේ මෙහෙමයි

0
10


වෙලාව බැලීමෙන් ඔබ්බට ගොස් අත් ඔරලෝසු පැළඳීම අද වෙද්දි බොහොමයක් කාන්තාවන් අතර ජනප්‍රිය විලාසිතාවක් වෙලා තියනව.

ඔබත් ඔරලෝසුවක් පළඳින්න හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් දැන් පාවිච්චි කරන ඔරලෝසුව වෙනුවට වෙනත් ඔරලෝසුවක් මිලදී ගන්න හිතන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. 

එහෙමනම්, ඊට කලින් මේ ලිපිය කියවල ඉමුද?

ඒ ඔබට ගැළපෙන අත් ඔරලෝසුවක් තෝරගන්නෙ කොහොමද කියල ඔබව දැනුවත් කරන්න මේ ලිපියෙන් අපි සූදානම් වෙන නිසයි. 

එහෙමනම් අපි දැන් බලමු අත් ඔරලෝසුවක් මිලදී ගන්න කලින් ඔබ සැළකිලිමත් වියයුතු කරුණු මොනවද කියල.

ඔරලෝසුවක් පළඳින්න අපි එකෙනෙකාට විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ හේතුවලට ගැළපෙන ඔරලෝසුවක් තෝරගන්න අපි සැලකිලිමත් වෙන්න ඕන. 

මෙහිදී,

පිහිනීම හා කිමිදීම වැනි ක්‍රියාකාරමකම් කරද්දි ඔබ ඔරලෝසු පළඳිනවා නම් ඒ සඳහා diving watch, 

කඳු නැගීම, දිවීම, බයිසිකල් පැඳීම සහ අනෙකුත් ක්‍රීඩා කරන විට ඔරලෝසු පළඳිනවා නම් ඒ සඳහා sport watch,

එදිනෙදා කාර්යාලයට හෝ නිවසේදී ඔරලෝසු පළඳිනවා නම් ඒ සඳහා casual watch,

සාද වලදී, විවාහ මංගල්‍ය උත්සව වලදි හෝ වෙනත් විශේෂ අවස්ථා සඳහා ඔරලෝසුවක් පළඳිනවා නම් ඒ සඳහා formal watch සහ 

ආභරණයක් ලෙස ඔරලෝසුවක් පළඳින්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා pocket watch, necklace watch හෝ vintage style watch 

තෝරගන්න ඔබට පුළුවන්. 

සුප්‍රසිද්ධ වෙලඳ නාම යටතේ මිලෙන් අධික අත් ඔරලෝසු වගේම සාමාන්‍ය මිල ගණන් යටතේ පවතින අත් ඔරලෝසුත් අද වෙළඳපොලේ දකින්න ලැබෙනව.

ඔබේ අවශ්‍යතාවය අනුව ඔබට වියදම් කල හැකි මුදල් ප්‍රමාණයට ගැළපෙන ආකාරයට අත් ඔරලෝසුවක් මිලදී ගන්න පුළුවන්.

ඔබට ඔරලෝසුවක් වෙනුවෙන් වැඩි මුදලක් වියදම් කල නොහැකි නම් ඒ ගැන පසුතැවෙන්න අවශ්‍ය නෑ. 

ආදායමට සරිලන ලෙස වියදම සකස් කර ගැනීම හරිම smart තීරණයක්.

ඔබට වෙළඳසැල් කීපයකට ගොස් බලන්න කියල යෝජනා කරන්න අපි කැමතියි. 

සමහරවිට ඔබ හිතනවාට වඩා හොඳ ඔරලෝසුවක් අඩු මුදලකට වුනත් මිලදී ගැනීමේ අවස්ථාව එවිට ඔබට ලැබෙන්නත් පුළුවන්. 

තවත් කරුණක් ඔබට මතක් කල යුතුමයි.

ඔබ වියදම් කරන ප්‍රමාණය කොපමණ අඩු හෝ වැඩි වුනත් නිසි කලට ඔරලෝසුව පිරිසිදු කිරීමෙන් සහ බැටරි මාරු කිරීමෙන් ඔරලෝසුවේ කල්පැවැත්ම වගේම පෙනුම ආරක්ෂා කරගන්නත් ඔබට හැකියාව ලැබෙනව. 

ප්‍රමාණය

ඔරලෝසුවේ මුහුණතේ ප්‍රමාණය ඔබේ අතේ මැණික් කටුවේ වට ප්‍රමාණය අනුව තීරණය  වෙනවා. 

මෙහිදී,

මැණික් කටුවේ වට ප්‍රමාණය 16 cm පමණ නම් ඔරලෝසු මුහුණතේ විෂ්කම්බය 38 mm වලට වඩා කුඩා විය යුතු බවත්,

මැණික් කටුවේ වට ප්‍රමාණය 17 cm පමණ නම් ඔරලෝසු මුහුණතේ විෂ්කම්බය 38 mm ත් 42 mm අතර විය යුතු බවත්,

මැණික් කටුවේ වට ප්‍රමාණය 18 cm පමණ නම් ඔරලෝසු මුහුණතේ විෂ්කම්බය 40 mm ත් 44 mm අතර විය යුතු බවත්,

මැණික් කටුවේ වට ප්‍රමාණය 16 cm පමණ නම් ඔරලෝසු මුහුණතේ විෂ්කම්බය 44 mm ට වැඩි විය යුතු බවත්

සාමන්‍යයෙන් පිළිගත් මතයයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here