ඔබට අස් පස් කිරීම පහසු කරන පෙට්ටි හතරේ ක්‍රමය

0
10


අවුරුද්දෙ සැමදාම  ඔබට තියන කරදරකාරීම ප්‍රශ්නය ගෙදර දොර අස්පස් කිරීම වෙන්න පුලුවන්.

ඇත්තටම අස් කිරීම කියන්නේ නොගැලපෙන අනවශ්‍ය දේවල් හංගලා පිටතට පෙනෙන කොටස ලස්සනට තබා ගැනීම නෙවෙයි.

අස්පස් කිරීම නිවැරදිව හා ක්‍රමවත්ව කරන්න විදෙස් රටවල බහුලව භාවිතා වෙන ක්‍රමයක් මේ පෙට්ටි හතරේ ක්‍රමය. එහෙම නැත්නම් bin method එක.

කොහොමද මේ ක්‍රමය ඔබේ නිවස තුළ ක්‍රියාත්මක කරන්නේ??

මුලින්ම ලොකු පෙට්ටි හතරක් හෝ මලු හතරක් ගන්න. ඒවා මෙහෙම නම් කරගන්න.

ඔබට පුලුවන් ඉන්පසු ක්‍රමවත්ව අස්පස් කිරීම ආරම්භ කරන්න. ඔබට මේ මොහොතේ අවශ්‍ය නැතත් පසුව අවශ්‍ය විය හැකි දේවල් ගබඩා කරන පෙට්ටියට දමන්න. ඒවායේ ලැයිස්තුවක් සකසා ඒ පෙට්ටිය ගබඩා කාමරයේ හෝ කබඩ් එකක තැන්පත් කරන්න.

ඔබ කාමරය, සාලය, මුළුතැන්ගෙය අස් පස් කරන විට නිශ්චිතව ස්ථානයක් ඇති භාණ්ඩ එම ස්ථානයෙන්ම තබන්න ඔබට අවශ්‍ය වේවි. ඒවා දෙවෙනි කාණ්ඩයේ පෙට්ටියට දමන්න. අස් පස් කර, මොප් කර අවසන් වූ පසු ඒ දේවල් අදාළ ස්ථානයේ තැන්පත් කරන්නත් අමතක කරන්න එපා.

සමහර පොත් පත්, සෙල්ලම් බඩු, ඇඳුම් වැනි දේවල් ඔබට දැන් නුවුමනා වෙන්න පුලුවන්. ඒ දේවල් විසි නොකර අවශ්‍ය කෙනෙකුට පරිත්‍යාග කරන්න පුරුදු වීම හොඳ දෙයක්. සමාජ සත්කාර වැඩසටහන් වැනි දේට මේවා පරිත්‍යාග කරන්න ඔබට පුලුවන්. ඒ වගේම පැරණි බඩු ඉවතට නොදා විකිණීමටත් ඔබට හැකියාව තියෙනවා.ඒවා තුන් වෙනි බාස්කට් එකේ අසුරා ගන්න.

කිසිම විදියකින් ප්‍රයෝජනයට නොගෙන ඉවතට යන භාණ්ඩ අයිති හතර වෙනි බාස්කට් එකට. නිවස තුළ අනවශ්‍ය දේවල් පුරවාගෙන ඉන්න එපා. ඒවා ක්‍රමවත්ව බැහැර කරන්න. හතරවෙනි බාස්කට් එකට ඒවා තැන්පත් කර අස් පස් කිරීම අවසානයේදී ඒවා නිවෙසින් ඉවත් කර දමන්න ඔබට පුලුවන්.

මේ ඉතා පහසු සරල ක්‍රමයක්. ඔබට සැහැල්ලුවෙන් අස් පස් කරන්නට මේ ක්‍රමයෙන් ලොකු උදව්වක් ලැබෙනවා නියතයි.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here