ඔබටත් මිග්‍රේන් ද ??

0
9


අද වෙද්දී වයස් බේදයක් නැතුව අපේ සමාජෙ බොහෝ දෙනෙක් දැඩිව පීඩා විඳින ඉතාම සුලභ තත්වයක් තමයි ඉරුවාරදය එහෙමත් නැත්නම් මිග්‍රේන් (migraine) කියන්නෙ. 

එදිනෙදා ජීවන කටයුතු සම්පූර්ණයෙන් අඩාල කරමින් ඔබට පීඩා ගෙනදෙන ඉරුවාරදය එහෙමත් නැත්නම් මිග්‍රේන් migraine ගැන කතා කරන්නයි සූදානම.

ඉරුවාරදය ඇතිවෙන්න බලපාන හේතු, රෝග ලක්ෂණ සහ ඉරුවාරදයෙන් මිදෙන්න අනුගමනය කරන්න පුළුවන් සරල ක්‍රියාමාර්ග ටිකක් ගැනත් ඔබව දැනුවත් කරන්න මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙනව. 

ඉරුවාරදය එහෙමත් නැත්නම් මිග්‍රේන් ඇතිවෙන්න (migraine) හේතු කීපයක් තියෙනව. 

ඔබත් ඉරුවාරදයෙන් පෙළනවනම් බලන්නකෝ, මේ හේතුවලින් එකක් ඒ සඳහා හේතු සාධක වෙන්න පුළුවන්. 

ජානගතව පැමිණි ඉරුවාරදය

ඊස්ට්‍රජන් හෝමෝන මට්ටමේ අඩුවීමක්

ඇල්කොහොල් භාවිතය

මානසීක පීඩනය

සීතල කාළගුණ තත්වය සහ

අක්‍රමවත් නින්දක් ලැබීම

දැන් අපි බලමු වේදනාව උත්සන්න වෙන්න කලින් ඇතිවෙන රෝග ලක්ෂණ මොනවද කියල.

මල බද්ධය

මානසික අවපීඩනයේ සිට ඉහළ ප්‍රීතියක් දක්වා ඉක්මනින් සහ නිතර නිතර සිදුවෙන මනෝභාවයන්ගේ වෙනස් වීම්.

සාමාන්‍ය දින වලට වඩා ආහාර රුචිය වැඩිවීම.

බෙල්ලේ තද ගතිය.

මුත්‍රා පිටවීම වැඩිවීම.

නිතරම ඈනුම් යාම.

ඔන්න ඉතිං ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවනම් ඒ මිග්‍රේන් ඇතිවෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි.

ඒ නිසා අපි බලමු මිග්‍රේන් (migraine) වලින් වෙන හානිය වළක්ව ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියල.

ඖෂධ ඉරුවාරදය ඇතිවීම වළක්වා ගන්න වගේම වේදනාව අඩු කරගන්නත් උපකාරී වෙනව. 

නමුත් ඖෂධ කියන්නෙ ප්‍රතිකාර වල එක් කොටසක් පමණයි. ඒ නිසා අපි බලමු අපිට ඒ සඳහා අනුගමනය කරන්න පුළුවන් සරල පියවර මොනවද කියලත්.

ඉරුවාරය ඇතිවීමේ රෝග ලක්ෂණ ඔබට දැනෙන පළවෙනි මොහොතේම ඔබ කරමින් සිටින වැඩ කටයුතු වලින් හැකි තරම් ඉක්මනින් ඈත් වෙලා විවේක ගැනීම ඉතා වැදගත්.

විවේක ගැනීම සඳහා ගැළපෙන නිදහස් පරිසරයක් ඇති කරගන්න මේ දේවල් අනුගමනය කරන්න පුළුවන්. 

විදුලි පහන් නිවාදාමා කළුවර නිශ්ශබ්ද වටපිටාවක් ඇතිකර ගන්න.

සීතල හෝ උණු වතුර වලින් පොඟවන ලද රෙදි පොට්ටනිකින් හිස සහ බෙල්ල හොඳින් තැවීම වගේම සීතල හෝ උණුසුම් ජලයෙන් නෑමත් ඉක්මන් සහනයක් ලබා ගන්න උපකාර කරනවා. 

සුළුවෙන් කැෆේන් (caffeine) අඩංගු පාන වර්ගයක් බීමත් කරන්න පුළුවන්. නමුත් ඔබ මෙහිදී ඉතා සැළකිලිමත් විය යුතුයි. මොකද කැෆේන් වැඩිපුර පානය කිරීම ඔබේ නින්දට බාධා ඇති කරන්න පුළුවන් නිසයි. 

අවදි වීම සහ නිදා ගැනීම හැමදාම එකම වෙලාවට කරන පුරුද්ද නම් ඔබ ඇතිකර ගන්නම ඕනෙ. 

නිවාඩු දවසට ටිකක් වැඩිපුර ඇහැරල ඉන්න ඔබ හිතනව නම් ලඟදීම නැතත් පසුවට හරි ඒ පුරුද්ද ඉරුවාරදය ඇතිවෙන්න හේතුවක් වෙන්න පුළුවන්. 

ඒ වගේම දහවල් කාලයේදි කෙටි නින්දක් ගන්න ඔබ පුරුදු වෙලා ඉන්නවනම් ඒ නින්ද විනාඩි 20 කට 30 කට සීමා කිරීම ඉතා වැදගත් වෙනවා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here