Online business කියන්නෙ ඉතින් මේ වෙද්දි අපිට අමුතු දෙයක් නෙවෙයිනේ.
බලන බලන අත Online business තියෙනව.
තමන්ට තියෙන talent එකකින් ඒ වගේ ප්‍රයෝජනයක් ගන්න එක ඉතාම හොඳයි.
ඉතින් අපි හිතුවා හතු පිපෙන්න වගේ හැදෙන මේ Online business ලෝකෙ ඇතුලෙ ඔයාගෙ Online Business එක establish කරගන්න ඔයා මොකද කරන්න ඕන කියල බලන්න
මොකද ඔය පේන තරම් Online business කරන එක ලේසි නෑ. අපිට නොපෙනුනට ඒක පිටිපස්සෙත් තියෙනවා ලොකුම ලොකු Process එකක්
Online විකුණනව කියල ඉතින් පොල් විකුණන්නෙ නෑනෙ අපි.
පොල් උනත් විකුණන්න පුලුවන් විකුණන්න හරි විදිය දැනගන්න ඕන.
ඉතින් ඔයා කරන්න යන්නෙ මොන විදියෙ Online business එකක් උනත් විකුණන්න පුලුවන් Product එකක් වෙන්න එපැයි.
අපි විකුණන දේම තවත් කෙනෙක් විකුණනව වෙන්න පුලුවන්. හැබැයි ඒක ඔයාට කඩා වැටෙන්න හේතුවක් වෙන්න බෑනෙ.
ඉතින් ඔයා මොන විදියෙ Business එකක් කරන්න හිතුවත් ඉස්සර වෙලා හොඳට රිසර්ච් එකක් කරල බලන්න. ඔයා විකුණන්න බලාගෙන ඉන්න නිශ්පාදනය කොච්චර දුරට මිනිස්සුන්ට අවශ්‍ය ද කියන එක බලන්න. එකම නිශ්පාදනය උනත් Differentiate කරල විකුණන්නෙ කොහොමද කියල බලන්න
Online business එකක් කරනව කියන එකේ අදහස කිසිම වියදමක් නැතෙයි කියන එක නම් නෙවෙයි.
ඉතින් ඒ යන විය හියදම් මොනවද කියලත් බලන්න ඕන බව මතක තියාගන්න. ඔයා විකුණන්න ඉන්න නිශ්පාදනය වෙලඳපොලක් නැත්තම් පටන්ගත්ත තැනම බිස්නස් එක නතර කරන්න උනොත් ඒක හරිම අපරාදයක්.
ඒ නිසා ඔයාගෙ බිස්නස් එක කරද්දි මෙන්න මේ මම පහල කියල තියෙන කරුණු වලට ලොකු අවදානයක් දෙන්න
1- ඔයාගෙ Product එක හෝ Service ඔයාගෙ customers ලගෙ තියෙන ප්‍රශ්නයක් විසඳනවද?
2- ඔයාගෙ Product එකෙන් ඒකට ලාබදායි විසඳුමක් දෙනවද?
3- ඒ ගැටලුව විසඳගන්න ඔයාගෙ Product එක ගන්න සල්ලි වියදම් කරන්න මිනිස්සු ලෑස්තිද?
4-ඔයාගෙ Product එක ඕන කරන මිනිස්සු ලඟට යන්න ඔයාට කොච්චර වියදම් කරන්න වෙනවද?
දැන් research එක කරල ඉවර වෙච්ච ගමන් බිස්නස් එක පටන් ගන්න පුලුවන් කමක් නැති බව මතක තියාගන්න.
ඔයාට ඒකට ඔයාගෙ බිස්නස් එක ගැන පරතෙරටම දැනගන්න වෙනව. ඒ කිව්වෙ Expert කෙනෙක් වෙන්න වෙනවා.
ඔයාගෙ බිස්නස් එකට ඕන කරන බඩු ගන්නෙ කොහෙන්ද?
ඒවයි quality එක ගැන එහෙම ලොකුවටම හිතන්න වෙනවා සහ දැනගන්න වෙනවා
ඉතින් ඒ Expert Knowledge එක උඩින් පහල වෙන්නෙ නෑනෙ. ඔයාට බිස්නස් කරලම තමයි ඒක දැනගන්න වෙන්නෙ. ඉතින් පොඩියට පටන් අරන් හිමින් හිමින් ඉස්සරහට යමු නේද?
පොඩියට පටන් ගත්තත් ඔයාගෙ බිස්නස් එකට Business plan එකක් තියෙන්නනෝන කියල අමතක කරන්න එපා.
ඉතින් ඔයා බිස්නස් එකට ඕන කරන සල්ලි ගන්නෙ කොහෙන්ද, අමුද්‍රව්‍ය ගන්නෙ කොහෙන්ද, ඒවට යන වියදම් පියවගන්නෙ කොහොමද සහ ලාබ පාඩු හැමදෙයක් ගැනම ඔයාට Plan එකක් හදල තියාගන්න වෙනව එතකොට වැඩේ ලේසියි.
මුලින්ම ඔයාගෙ Business එක හොඳට Establishe කරගන්න මහන්සි වෙන්න.
ඒ ඔස්සේ ඵලදායී සැලැස්මක් එක්ක Market එක අඳුන ගන්න. ඔයාගේ Goals Identify කරගන්න.
Business එකට නමක් තෝරගන්න එක හරි වැදගත්.
පොඩියට පටන් ගත්තට කාලෙකින් ඔයා ලොකුම ලොකු Business person කෙනෙක් වෙන්න පුලුවන් නෙ. ඉතින් නම වැදගත්.
එහෙම නමක් තෝරගනිද්දි ගොඩක් අය කරන වැරදි දෙකක් තියෙනව.
සමහරු දැනට ප්‍රසිද්ද Business name එකක් පොඩ්ඩක් වෙනස් කරල අරගන්නවා. සමහරු අරුම පුදුම වෙනස් නම් දාගන්නවා
Saru FM Media