2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
මෙම නව පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්පූර්ණයෙන්ම අවලංගු වනු ඇති.
එම පනත යටතේ සකස් කර ඇති සියලුම රෙගුලාසි ද අහෝසි වනු ඇති බවත් ගැසට් නිවේදනයේ සඳහන්.
වත්මන් පනත වන 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ ජනවාරි 24 වන දින පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණා.
එම පනත අවලංගු කිරීමට යෝජිත අතර, ඒ සඳහා නව පනත් කෙටුම්පතක් රජය විසින් ගැසට් කර තිබෙනවා.
සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින් කියවන්න..
Saru FM Media