Monday, May 5, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ඔන්ලයින් ඉගෙනගත් චරිත් කලකට පසු ආපු දවසේ වෙනුර හොස්ටල් එකේ 123 කාමරයේ...

ඔන්ලයින් ඉගෙනගත් චරිත් කලකට පසු ආපු දවසේ වෙනුර හොස්ටල් එකේ 123 කාමරයේ වූ දේවල්

0
3


things-that-happened-in-room-123-of-the-hostel-on-the-day-of-the-event

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුන්ට නවක වදය දීමේ සිද්ධිය සම්බන්ධයෙන්
මේ වනවිට ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.
සමනලවැව පොලිසියට ලද පැමිණිල්ලකට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබූ අතර සිත්තැවුලට පත්ව

එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි විසි තුන් හැවිරිදි චරිත් දිල්ශාන් නමැති සිසුවා  පදිංචි ගම්පොළ ඉහළගම ප්‍රදේශයේදී ඉකුත් 29 වැනිදා සිය දිවි හානි කර ගෙන තිබුණි.


මෙම නවක වදය සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් පිරිසක් සමනලවැව පොලිසියට පැමිණි කර තිබුණි. පසුව මෙම නවක වද සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරන් විසිදෙනකු සමනලවැව පොලිසියට ප්‍රකාශ ලබා දී ඇත.
ඔහු පසුගිය 27 වැනිදා විශ්වවිද්‍යාලයේ පැවැති අවුරුදු උත්සවයකට ද සහභාගි වී සිටි බවත්, පසුව ඇතිවූ සිද්ධියක් ගැනත් පැමිණිල්ලේ සඳහන් විය.නවක වධකයින් 09 දෙනා සම්බන්ධව දෙවැනි වසරේ සිසුන් හෙළි කර ඇත්තේ චරිත් සමග තමන් ද එම ම්ලේච්ඡ වදයට ලක් වූ බව කියමිනි.
එම පැමිණිල්ල මෙසේය.

    04/27 දින අවුරුදු උත්සවයට සහභාගී වීමට හා එහි වැඩ කටයුතු සඳහා 21/22 තාක්ෂණ පීඨයේ අප සහෝදරයා විශ්වවිද්‍යාලයට පැමිණියා. චරිත් සහෝදරයා 26 දින ඔහුගේ මහපොළ ගැටලුවක් විසඳා ගැනීමට සහ අවුරුදු උත්සවයට සහභාගී වීමට විශ්වවිද්‍යාලයට පැමිණියා. 26 දින රාත්‍රී 10.15 ට පමණ වෙනුර නේවාසිකාගාරය තුළ චරිත් සහෝදරයා කොට කලිසමක් හැඳ කොරිඩෝවේ සිටි බව පවසා තාක්ෂණ පීඨයේ තෙවැනි වසර සිසුන් පිරිසක් චරිත් සහෝදරයාව වෙනුර නේවාසිකාගාරයේ 123 කාමරයට රැගෙන ගියා. ඉන් පසු පැය භාගයකට පමණ පසු නේවාසිකාගාරයේ රැඳී සිටි අපගේ අනෙක් සහෝදරයන්ට ද එම කණ්ඩායම කතා කර අපිව රැගෙන ගියා. අපිව චරිත් ඉන්න කාමරයට එක්කරගෙන යන විට චරිත් හට අමානුෂික වධහිංසා ලබා දෙමින් සිටියා. අපිට ද එහිදී අමානුෂික වධහිංසා ලබා දුන්නා. ඔහුට යට ඇඳුම පිටින් හාවො පැනගෙන උඩ තට්ටුවට යන්න කිව්වා. මුළු හොස්ටල් එකම එයාට හිනා වුණා.
චරිත් සහෝදරයාට ද ඔහුගේ ඇඳුම් ගලවා යට ඇඳුම පිටින් අමානුෂික වධහිංසා ලබා දුන්නා. වධහිංසා ලබා දී අවසන් වන විට පාන්දර 2.30 පමණ වුණා. ඉන්පසු චරිත් වැඩි කතා බහක් නොමැති පැත්තකට වී කල්පනා කරමින් සිටියා. පසුදින චරිත් ගෙදර ගියා. ඉන් පසු ඔහු සියදිවි නසා ගෙන තිබුණා.



පසුවදා ඔහු නිවෙසට පැමිණ 29 වැනිදා ගෙල වැලලාගෙන මිය ගොස් ඇති අතර මවුපියන් මේ සම්බන්ධයෙන් ගම්පොළ පොලිසියට සහ සරසවි මිතුරන් සමනලවැව පොලිසියට පැමිණිලි කර තිබුණි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මට්ටමෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙන බවත්, ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවත් සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා කීවේය.ඔහු කරුණු පැහැදිලි කරමින් මෙසේද සඳහන් කළේය.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පීඨයේ දෙවැනි වසරේ දේශන වලට චරිත් සම්බන්ධව ඇත්තේ ඔන්ලයින් ඔස්සේය. මාර්ගගත ක්‍රමයට අධ්‍යයන කටයුතු සිදු කළ එම පීඨයේ ප්‍රායෝගික වැඩ සඳහා වරින්වර සරසවියට පැමිණීමට නියමිතව තිබූ අතර ඔහු එලෙස නේවාසිකාගාරයට පැමිණි අවස්ථාවක මෙම ඉරණමට මුහුණ දුන්නේය.
චෝදනාව සම්බන්ධයෙන් එයට සම්බන්ධ පුද්ගලයන් හෝ එයට වග කිව යුතු පුද්ගලයන් කවුදැයි හඳුනාගැනීම සඳහා විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් දෙදෙනකුගේ සහ ලේඛකාධි වරයකු ගෙන් සමන්විත විශේෂ කමිටුවක්ද පත් කර ඇත.
 “පනත අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ චක්‍රලේඛ අංක 946 නවක වදය පාලන කිරීමේ පනත යටතේ ඒ සඳහා ලබා දිය හැකි දඬුවම් මොනවද කියලා සඳහන් වෙනවා. ඒ අනුව අපි කඩිනමින් අදාළ පියවර ගැනීමට කටයුතු කරනවා යයි”
 උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවැසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here