ඔන්න බ්‍රිතාන්‍ය නම් පළමුවෙන්ම ට්‍රම්ප් එක්ක කතා කරලා දවස් 90ට කලින් තීරුබද්ද අඩු කරගත්තා! චීනය අද අමෙරිකාව එක්ක ස්විට්සර්ලන්තෙදි තීරු බදු ගැන සාකච්ඡා පටන් ගන්නවා! ලංකාවෙ ගැන නම් තාම කිසිම කතාවක් නෑ! Sri Lanka Latest News

0
2


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත්කළ අන්‍යොන්‍ය තීරුබදු දින 90කට අත්හිටුවූවත් එම කාලය ඉකුත්වන්න ඉස්සර අමෙරිකාව සමග තීරුබදු සම්බන්ධයෙන් යම් එකඟතාවකට එන්න රටවල් රැසක් උත්සාහ කරමින් සිටී.Sri Lanka Latest News

එහිදී එම රටවල් මුහුණදෙන අභියෝග විවිධාකාරයි.

කෙසේවුවත් තමන්ගේ සමීපතම මිතුරු රටවලට මෙම තීරුබදු සාකච්ඡාවලදී ප්‍රමුඛත්වයක් ලබාදෙන්න අමෙරිකාව කටයුතු කරයි.

එහෙත් එවැනි ප්‍රධාන පෙළේ එකඟතාවක් ඊයේ වනතුරු වාර්තා වුණේ නැහැ.

ඒ අතරතුරයි තමන් එවැනි මහා පරිමාණ එකඟතාවක් ප්‍රකාශයට පත්කරන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ.

එහෙත් ඒ අවස්ථාවේ ඒ විදියට එකඟතාවට එළඹෙන රට ඔහු හෙළිදරව් කළේ නැහැ.

එම කුතුහලය අවසන් කරමින් ජනපති ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් අමෙරිකාව හා බ්‍රිතාන්‍යය ඇතිකරගත් එම නව වෙළෙඳ ගිවිසුම ඊයේ ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අමෙරිකාවට ආනයනය කරන බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා අයකරන තීරුබද්ද 10%කට සීමා වනවා.

බ්‍රිතාන්‍යයට ආනයනය කෙරෙන අමෙරිකානු භාණ්ඩ සඳහා වන තීරුබදු 5.1%ක සිට 1.8% දක්වා අඩු කරන්නේ බ්‍රිතාන්‍යය මෙහිදී එකඟ වෙලා තියෙනවා.

මෙහිදී රටවල් දෙකේම කෘෂිකාර්මික අපනයන සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදෙන්න එකඟතාවක් ඇතිවී තිබෙනවා.

විශේෂම කාරණයක් තමයි අමෙරිකාව ආනයනය කරන බ්‍රිතාන්‍ය මෝටර් රථ සඳහා අඩු තීරුබද්දක් අයකිරීමට අමෙරිකාව එකඟ වීම.

අමෙරිකාව හා බ්‍රිතාන්‍යය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාමෙන් ඩොලර් ට්‍රිලියන 1.2ක වැඩි වෙළෙඳ වාසියක් පවතින්නේ බ්‍රිතාන්‍යයට.

කෙසේ නමුත් නව වෙළෙඳ එකඟතාව දෙරට අතර වෙළෙඳාම තවදුරටත් පුළුල් කරන ඓතිහාසික එකඟතාවක් ලෙසයි ජනපති ට්‍රම්ප් හැඳින්වූවේ.

අමෙරිකාව මීළඟට එකඟතාවකට එළඹෙන්න උත්සාහ කරන්නේ වෙළෙඳ යුද්ධයේ තමන්ගේ ප්‍රතිවාදියා වන චීනය සමග.

අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී හෙට ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ප්‍රධාන වෙළෙඳ සාකච්ඡා නියෝජිත ජාමිසන් ග්‍රියර් සහභාගි වේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර හෙට ආරම්භවන මෙම වෙළෙඳ සාකච්ඡා සඳහා චීනයේ ප්‍රධානම ආර්ථික උපදේශකයා ලෙස සැලකෙන හී-ලයිෆෙන්ද සහභාගීවීමට නියමිතය.

අමෙරිකානු – චීන වෙළෙඳ සාකච්ඡාවල විශේෂ කාරණයක් තමයි එම සාකච්ඡා සඳහා පළමු ආරාධනය ලැබුණේ අනෙක් පාර්ශ්වයෙන් බව අමෙරිකාව සහ චීනය සහ රටවල් දෙකම ප්‍රකාශ කිරීම.

කොයි ආකාරයකින් හෝ ලෝකයේ අංක එකේ සහ දෙවැනි තැන සිටින ආර්ථික බලවතුන් අතර වෙළෙඳ යුද්ධයේ උණුසුම තුරන්වීම ගෝලීය ආර්ථිකයටද අස්වැසිල්ලක් බව සහතිකවම පැවසිය හැකි කරුණකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here