2022 රට බංකොලොත් වීමත් සමග ඇති වූ ආර්ථික සුනාමියට රට මුහුන දුන් බවත් මේ වන විට ඊටත් වඩා බරපතල ආර්ථික සුනාමියක් ඇති වීමට නියමිත බවත් එදා ඇති වූ පොලිම් යුගය, අසහනය, පීඩනය නිසා ජනතාව දැඩි අපහසුතාවලට ලක් වූ බවත් මෙවර ඊටත් වඩා බරපතල ආර්ථික වශයෙන් අන්තරාදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රජය අප රටේ අපනයනවලට 44%ක ප්‍රතිචාරාත්මක බද්දක් පනවා ඇති බවත් එයට හේතුව අප රට ඇමෙරිකානු භාණ්ඩ සදහා 88%ක බද්දක් ගැසීම බවත් මේ ගැටලුව නිසා අප ඇමෙරිකාවට යන රටේ අපනයන සහ එම අපනයන නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවලට බරපතල ගැටලුක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ බදු නිසා අප රටේ භාණ්ඩවල මිල ඉහළ යන බවත් අප රටේ ඇගලුම්වලින් 40%ක් ඇමෙරිකාවට යන බවත් අප්‍රේල් 9 සිට මෙම බද්ද ක්‍රියාත්මක බවත් මෙය ලෝකයේ බොහෝ රටවලට පමුණුවා ඇති බවත් මේ ගැටලුව ඇතිවීමට මාස ගණනාවකට පෙර අප එය රජයට පෙන්වා දුන් බවත් එම නිසා ශ්‍රී ලංකාව රජයේ මේ වෙළෙඳ ක්ෂේත්‍රය ගැන දැනුමින් බලගතු හොද කණ්ඩායමක් වොෂින්ටනයට යවා ඔවුන් සමග සාකච්ඡා කරන්න යැයි කිව්වත් රජය ඒවා නොසලකා පුරසාරම් දොඩමින් සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වෙන්නප්පුව ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.
මේ බද්ද පැමිණීම නිසා අප රටේ ඇගලුම් ක්ෂේත්‍රයේ 40%ක් අපනයනවලට ඇමෙරිකානු වෙළෙද පොළ අහිමි වන බවත් එම නිසා කර්මාන්තශාලාවල නිෂ්පාදනය අඩු වී කර්මාන්තශාලාවල සේවක කප්පාදු පවා සිදුවන බවත් එවිට විදේශ විනිමය අඩු වී ආර්ථික වර්ධන වේගයට බරපතල ලෙස බලපාන බවත් එවිට 2028 සිට නැවත ණය ගෙවීමේ දී ගැටලුවක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හිටපු රජයත් වරැද්දක් කරලා
අයි එම් එෆ් එක 2033 සිට ණය ගෙවන්න කියා ලිඛිතව කියා සිටි අවස්ථාවේ පසුගිය රජය 2028 සිට ණය ගෙවන්න තීරණය කර ඇති බවත් මෙහි සම්පුර්ණ වරද පසුගිය රජයේ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපි මේවා ගැන කියද්දි රජයේ පාර්ශ්වය විහිලු කලා
මේ අමාරුකම් ගැන කතා කරන විට සමාජ මාධ්‍ය හරහා විහිළු කිරීම, මඩ ප්‍රහාර දියත් කිරීම සිදු කරන බවත් 44%ක ප්‍රතිචාරාත්මක බදු පනවන විට අප රටේ ඇගලුම් ක්ෂේත්‍රයෙන් 40%ක් නිෂ්පාදනවලට බාධා ඇති වන විට කර්මාන්තශාලා අඩපණ වී රැකී රක්ෂා අහිමි වන විට ආර්ථික වර්ධන වේගය පහත වැටෙන විට 2028 ණය ගෙව්නන බැරි වෙන එක විහිලුවට කරුණක් ද කියා ප්‍රශ්න කරන බවත් මේවා පෙන්වා දෙන විට කුහක උද්දච්ච මහන්තත්තකමින් යුත් ප්‍රතිචාර ලැබෙන බවත් මේවා පෙන්වා දෙන විට ජනාධිපතිවරයායි ආණ්ඩුවයි මර නින්දේ සිට බදු පැනවූ පසු නින්දෙන් ඇහැරී හදීසියේම කොමිටියක් පත් කරන බවට කියන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අපි කිව්ව දේ කලා නම් අද මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ
සමගි ජන බලවේගය එදා කියූ දේ කලා නම් අවම වශයෙන් මූලික සාකච්ඡාවකට හෝ ගොස් කටයුතු කළ හැකියාව තිබූ බවත් එහෙත් මොවුන් බොරු කිය කියා රටම අන්දවා ඇති බවත් දැන්වත් ඇමරිකාවට දැනුමැති දූත කණ්ඩායමක් විකල්ප යෝජනාවක් සමග යවන ලෙසත් ඊට අමතරව මෙම බලපෑමට ලක්වූ ආසියානු කලාපයේ සෙසු රටවල් සමග එකතු වී පොදු එකගතාවට ලක්ව ලෝක වෙළෙද සංවිධානය හා එක්ව යම් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළ යුතු බවත් ඊට අමතරව රට ඇතුළේ පොදු මතයකට පැමිණිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එමෙන්ම වෙනත් රටවල් කෙරෙහි අප රටේ අපනයන වෙළෙදපොළ පුළුල් කර විවිධාංගීකරණය කිරිමත්, අපනයන කරුවන්ට ශක්තියක් ලබා දෙන වෙනමම අරමුදලක් පිහිටුවීමත්, හරිත ආර්ථිකය කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කෝ දෙනවා කිව්ව සහනාධාරයන්
අද වන විට දෙනවා කිව්ව ඉන්ධන සහනාධාරය, ගොවියා අපේක්ෂා කළ පොහොර සහනාධාරය හා කෘෂිකර්මාන්තය සාර්ථක කරන වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර නොමැති බවත්, විදේශ ගත ශ්‍රමිකයන් අප රටට ප්‍රේෂණ ආදායම් එවන ප්‍රජාව වෙනුවෙන් ද පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් ඊට අමතරව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මාර්තු 31න් පසු නැවතත් පරාටේ නීතියේ ග්‍රහණයට ලක්ව ඇති බවත් ත්‍රිත්ව ඛේචවාචකය නිසා කඩා වැටුණු මෙම ව්‍යාපාර හෙට අනිද්දා සිට නැවතත් වෙන්දේසි වන බවත් මේ පරාටේ නීතිය අත්හිටුවන්න කියා සමගි ජන බලවේගය බල කළ නිසා හිටපු රජය සහ වත්මන් රජය එය තාවකාලිකව අත්හිටවූවත් මේ ව්‍යාපාරිකයන්ට නැවත නැගී සිටින්න සහනයක් නොදුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.














Saru FM Media