මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවා ඇති ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ (Ondansetron) නැමැති ඖෂධය සම්බන්ධයෙන් ජාතික ඖෂධ ගුණාත්මකභාවය සහතික කිරීමේ පරීක්ෂණාගාරයේ (National Medicines Quality Assurance Laboratory) සිදු කළ පරීක්ෂණයකින් එක් කාණ්ඩයක ගැටලු මතුව ඇතැයි වාර්තා වේ.
මතභේදාත්මක අදාළ ඖෂධයේ 24 – E කාණ්ඩයේ මේ ගැලටලුව මතුව ඇති බවද පැවසේ.
පසුගිය 19 වැනිදා, ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ (Ondansetron) එන්නත මෙරටට සැපයූ ඉන්දීය සමාගම වන Maan Pharmaceuticals Ltd සමාගමේ නිලධාරීන් පිරිසක් ද ලංකාවට පැමිණ සිටි බව වාර්තා වේ.
ඔවුන් ලංකාවට පැමිණ ඇත්තේ අදාළ ඖෂධවල සාම්පල ඔස්ට්‍රේලියාවේ පිහිටි මධ්‍යස්ථ පරීක්ෂණාගාරයක් වෙත යැවීමට බවද පැවසේ.
කෙසේවුවද, අප ශ්‍රී ලංකා මිරර්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ ඖෂධය සම්බන්ධයෙන් ජාතික ඖෂධ ගුණාත්මකභාවය සහතික කිරීමේ පරීක්ෂණාගාරයේ (National Medicines Quality Assurance Laboratory) සිදු කළ පරීක්ෂණ වාර්තා තමාට ලැබී නැති බවයි.
ඖෂධවල සාම්පල ඔස්ට්‍රේලියාවේ පිහිටි මධ්‍යස්ථ පරීක්ෂණාගාරයක් වෙත යැවීම ද මෙතෙක් සිදු කර නොමැකි බවද තහවුරු කළ ඒ මහතා ඉදිරිදින කිහිපයේදී ඒවා යවන බවද කියා සිටියේය.
‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ (Ondansetron) එන්නත සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව එහි මව් සමාගම වන ඉන්දියාවේ Maan Pharmaceuticals Ltd සමාගම විසින් ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් වෙත මීට පෙර ලිඛිතව දන්වා තිබුණේ මෙම ස්වාධීන පරීක්ෂණ සඳහා යන පිරිවැය නිෂ්පාදක සමාගම විසින්ම දැරීමට සූදානම් බවයි.
අදාළ ලිපිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු ඉහළ සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර තිබිණි.
මේ අතර, ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ (Ondansetron) එන්නත භාවිතයෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු මියයාම මෙන්ම එම ඖෂධය නිසා අතිවූයේ යැයි කියන සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ ද ඔවුන් ද මේ සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රකාශයක් කර නොමැත.
අදාළ මත භේදාත්මක එන්නතේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ පී.ටී.සී. හෝල්ඩිංග්ස් පුද්ගලික සමගම හා අනුබද්ධිත (PTC Holdings (Privet) Limited) පී.ටී.සී. මෙඩිකල් පුද්ගලික සමාගම (PTC Medical (Private) Limited) විසිනි.
පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (PTC Holdings (Private) Limited) අධ්‍යක්ෂවරුන් ලෙස ගිහාන් බෙනරගම, ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර හා ජාලිය වික්‍රමසුරේන්ද්‍ර යන මහත්ම මහත්මියන් කටයුතු කරයි.මේ එන්නත වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් අත්හිටුවා මේවන විට දෙමසකට වැඩි කාලයක් ගතව තිබේ.
සබැඳි පුවත්:
Saru News










