ජගත් ඔටිසම් දිනය සෑම වසරකම අප්‍රේල් දෙවැනිදා සමරනු ලැබේ. ඔටිසම් තත්ත්වය පිළිබඳව දැනුම්වත් කිරීමේ සතිය එදායින් ආරම්භ කරන අතරම ඔටිසම් තත්ත්වය සහිත පුද්ගලයන්ට අවශ්‍ය සහයෝගය, කාරුණිකත්වය හා සමාන අවශ්‍යතා හිමිකර දීම, සහ ඔවුන් පිලිගැනීම මෙහි අරමුණයි.
සාමාන්‍යයෙන් උපතේ සිට වැඩිහිටියන් දක්වා වර්ධනය වන විට මොළයේ සෛලවල ගණනය එතරම් විශාල වේ. බිලියනයක් පමණ වන මේ ස්නායු සෛල අතර සමසම්බන්ධතාවක් පවතී. උපතේදී වැඩිහිටියන්ට සමාන ස්නායු සෛල ප්‍රමාණයක් තිබුණත් සම්බන්ධතාවන් අවමයි. දරුවා වයසෙන් වැඩෙත්ම සමාජයෙන් සම්බන්ධතා ගොඩනැගෙනවා. සම්බන්ධතා නැතිවිට එය අවශ්‍ය නැතිවිට ඒවා කෙමෙන් වියැකී යනවා. අපේ බුද්ධියට, හැඟීම් වලට, අවධානයට වෙනම ස්නායු පරිපථ තිබෙනවා. තවකෙකුගේ හැගීම් තේරුම් ගැනීමට සමාජ සන්නිවේදනයට වෙනම ස්නායු පරිපථ තියෙනවා. ස්නායු සහ මානසික රෝග පිළිබඳ වෛද්‍යවරුන් පවසන ආකාරයට ඕටිසම් තත්ත්වයේදී සිදුවන්නේ මෙම ස්නායු පරිපථවල දියුණු වීමේ ප්‍රමාදයයි. එමනිසා මේ රෝගීන් සදහා ඉක්මනින් මැදිහත් විය යුතුයි. වැඩිහිටියන් වන ඔබ මෙවැනි දරුවන් පිළිගත යුතුයි .
ඕටිසම් යනු රෝගයක් නොවේ. ඔටිසම් යනු ජීවිත කාලය පුරාම පවත්නා ස්නායුගත තත්ත්වයක්. ඔටිසම් හි ලක්ෂණ මෙපමණ වේ යැයි කියා ප්‍රකාශ කිරීම කළ නොහැකියි. එබැවින් ඔටිසම් තත්ත්වය නිර්ණය කළ යුත්තේ ඒ පිළිබඳව පුහුණුවක් ලැබූ සෞඛ්‍ය සේවා වෘත්තිකයකු විසින්ම පමණි.
ඔටිසම්හි ලක්ෂණ විවිධාකාර විය හැකි සේම විවිධ ප්‍රමාණයෙන් අන්තර්ගත විය හැකිය.
දරුවාගේ,
දරුවන්ගේ,
ඔටිසම් කලින් හඳුනාගැනීම ඉතා වැදගත් ය. එබැවින් දරුවන්ගේ වර්ධන සටහන් උපන්දා සිට පරීක්ෂා කර බැලීම වටී. නමුත් අනවශ්‍ය ලෙස බිය වීමද නොකළ යුතු ය. මන්ද ළමුන් විවිධාකාර වීම යන ලෝක සත්‍යය ඔටිසම් හා පටලවාගත යුතු නැත. නමුත් ඔටිසම් කලින් හඳුනාගැනීම වටින්නේ එය ප්‍රතිකාර සඳහා ඉතා පහසුවන බැවිනි.
ඔටිසම් තත්ත්වය සඳහා
අපි භෞතචිකිත්සයන් විදියට මේ ඕටිසම් තත්ත්වයට මැදිහත් වෙන්නේ චාලක වර්ධනය ප්‍රමාද නම් සහ ඔවුන් නිතර අනතුරු කර ගන්නා කොටසක් විදියට ඒ ඒ අවස්ථාව අනුව එයට නියමිත ප්‍රතිකාරය ලබාදීම වෙනුවෙනි. භෞතචිකිත්සයන් මොවුන්ගේ චලනය සහ ඉරියව් ගැන නිරන්තරයෙන් විමසීමෙන් සිටී.
ඔටිසම් දරුවන් වෙනුවෙන් භෞතචිකිත්සාවේදී සිදු කරන ප්‍රතිකාර ක්‍රම ලෙස
වෛද්‍ය වාර්තා අනුව ආසන්න වශයෙන් ළමයින් 100 කට එක් අයෙක් ඕටිසම් තත්ත්වය ඇති බව කියවේ. එමනිසා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට මෙම දරුවන් ඉක්මනින් හඳුනාගෙන ඒ සදහා ඉක්මනින් මැදිහත් විය යුතුයි . එබැවින් ඔටිසම් තත්ත්වය පිළිබඳව අප සියලු දෙනා දැනුවත් වෙමු. ඔවුන්ට කාරුණික වෙමු. ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙමු.
ආචාර්ය ජාලිය උඩුවැල්ල
– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ
Saru FM Media