එ.ජා. මහා මණ්ඩල සැසියට සහභාගි වීමට ජනපති අද ඇමෙරිකාවට

0
6

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22දා) රාත්‍රියේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යෑමට නියමිතය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, ලබන බදාදා (24දා) එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතය.

ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග හමුවකටද සහභාගි වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම සංචාරය සඳහා එක්වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here