එල්ලා වැටෙන පියයුරුවලට නිවසේදීම සත්කාර

0
12


පියයුරු කියන්නේ කාන්තාවකගේ ශරීරයේ කැපී පෙනෙන අංගයක් .නිරෝගී ලස්සන පියයුරු යුගලක් සෑම කාන්තාවකගේම සිහිනයක් .නමුත් පියයුරු නිවරදිව නඩත්තු කිරීමට අප දන්නවද ?ඉතින් මේ කරුණු කාරණා ඒ ගැන යි.

පියයුරු වල හැඩය පවත්වාගෙන යාම කෙරෙහි කරුණු කාරණා රැසක් බලපානවා.

නිසි ප්‍රමිතියකින් යුතු බ්‍රෙසියරයක් ඇදීම.මෙහිදී පමණට වඩා කුඩා හෝ විශාල නොවන,පියයුරු වලට මනාව ආධාරකයක් වියහැකි එකක් තෝරාගැනීම වැදගත්.

පියයුරු යටවන සේ නිදාගැනීමෙන් වැලකීම
මේ නිසා පියයුරු අවලස්සන වීමේ හැකියාව වැඩියි.ශරීරයේ බර ඒ මතට තෙරපීම නිසා හැඩය වෙනස් වීමේ මෙන්ම එල්ලා වැටීමේ අවදානම ක්ද හිමි වෙනවා.

ඔබ ගැබිනි හෝ කිරිදෙන මවක් නම් නිරන්තරයෙන් ම පියයුරු සදහා ඒවා ඉහල ට ඔසවා තබන බ්‍රෙසියරයක් ඇදීම අනිවාර්යයෙන්ම කලයුතු වෙනවා.

මීට අමතරව පහත සත්කාරයන් ද මනා පියයුරු යුවළක් පවත්වාගෙන යාමට උපකාර කරනවා.

ඔලිව් ඔයිල් සත්කාරය

මේ සත්කාරයෙන් පියයුරු එල්ලා වැටීම නැති වෙනවා වගේම හමේ දීප්තියත් වැඩි වෙනවා. ඔලිව් ඔයිල් බින්දු කීපයක් අත්ලට අරගෙන හොඳින් රත් වෙනකන් එකිනෙක අත්ලෙන් පිරිමදින්න. ඊට පස්සේ උඩු අතට ඉතාම මුදුව පියයුරු සම්බාහනය කරන්න. විනාඩි 15 බැගින් සතියට වාර 4ක් 5ක් කරාම ඇති.

අයිස් සත්කාරය

ඔලිව් ඔයිල් රත් කරාට මේක නම් හීතල වෙලා යන වැඩක්. කරන්න තියෙන්නේ අයිස් කැට දෙකක් අරගෙන රවුමට පියයුරු වටා රැගෙන ගිහින් ඒවා සම්බාහනයකට ලක් කිරීමයි. විනාඩියක් විතර මේ දේ කරලා දිගා වෙලා ඉන්න ඉරියව්වෙන්ම ටිකක් වෙලා ඉන්න ඕනි. දවසට කීප පාරක් නිශ්චිත විරාම ඇතුව කරනවා නම් හොඳයි. හරියට පැය 6න් 6ට බෙහෙත් බොනවා වගේ. මේකෙන් වෙන්නේ අයිස්වල තියෙන අයිස් ගතිය හමේ පටකවලට බලපාලා පියයුරු ඝනව පවත්වාගන්න හේතු වෙන එකයි.

බිත්තර සුදු මද සත්කාරය

බිත්තර සුදු මදයේ ඇති පෝෂණ ගුණය නිසා මොන තරම් නම් රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළඳ පොළේ මාකට් වෙනවා ද! බිත්තර සුදු මද පියයුරු වටා ඇති හම පෝෂණය කරවලා එල්ලා වැටීම අවම කරවමින් ශක්තිමත් කරවලා දෙනවා. එක බිත්තර සුදු මදයක් අරගෙන හොඳින් කලතාගන්න. ඊට පස්සේ ඔලිව් ඔයිල් සත්කාරයේ දී වගේම උඩු අතට සම්බාහනය කරලා ඒ ආලේපනයත් එක්ක පැය භාගයක් පමණ තියෙන්න හරින්න. ඊට පස්සේ අවසානයේ මේ සාරුව පියයුරුවලින් ඉවත් කරන්න ළූණු මිශ්‍ර කර සාදාගත් දියරයකින් එය සෝදා හරින්න. අවසානයේ සීතල ජලයෙන් සෝදා හැර තෙතමාත්තු කරන්න.

The post එල්ලා වැටෙන පියයුරුවලට නිවසේදීම සත්කාර appeared first on SmartLady.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here