එල්ලා වැටෙන දෑත්වලට නිවසේදීම කළ හැකි ව්‍යායාම

0
10


නිරෝගී මෙන්ම සුන්දර ශරීරයක් හිමි කර ගැනීමට අපි කොයි කවුරුත් කැමති දෙයක්.මේ ගැන උනන්දු වන බොහෝ දෙනාට තිබෙන ගැටළුවක් තමයි අත්වල තැන්පත් වූ තෙල් ස්ථරනිසා අත් එල්ලා වැටීම. විශේෂයෙන්ම කාන්තාවන්ගේ අත් බාහුවල මේද තට්ටු තැම්පත් වීම බහුලව දකින්න පුලුවන් තත්වයක්.

අත් වල මහත වගේම අත් ගොබ එල්ලා වැටීම නිසා ගොඩක් දෙනෙක්ට තෝරා ගන්න පුළුවන් ඇඳුම් විලාසිතාද සිමා වෙලා තියෙනවා.එමෙන්ම කාන්තාවකගේ සරාගී බවටද හානියක් වෙන මේ අත්වල තැන්පත් තෙල් තට්ටුව අවම කරන්නෙ කොහොමද ?

පවතින කාර්යබහුල ජිවණ රටාවත් සමග ජිම් එකකට නොගියත් ඔබට ඉඩ කඩ ලැබෙන වෙලාවට නිවසේදීම කළ හැකි අත්වල එල්ලා වැටෙන සමට නොවරදින විසඳුමක් ලබා දෙන සරල ව්‍යායාම කිහිපයක් ගැනයි අද අපි කියලා දෙන්න යන්නේ.

සියල්ලටම පෙර කොහොමද මේ අත්වල අනවශ්‍ය තෙල් ස්ථර තැන්පත් වෙන්නෙ කියල ඔබේ අවදානය යොමු කිරීම වැදගත් .

අපෙ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි වශයෙන් කැලරි ප්‍රමාණයක් ලබා දුන්නහම ඒ අතිරේක කැලරි මේදය විදිහට අපේ ශරීරයේ තැම්පත් වීම නිසා මෙම තත්වය ඇති වනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ බඩ ප්‍රදේශය ,පසුපස ප්‍රදේශය ,පපු ප්‍රදේශයේ මෙන්ම වැලමිටෙන් උඩ අත් යට ප්‍රදේශයේද ඉක්මනින් මෙම මේදය තැම්පත් වනවා.

මෙලෙස තට්ටු ලෙස තැම්පත් වන මෙද ස්තර වලට ශක්තියක් නොමැති වීම නිසා දෙඅත් උත්සනකොට ,සෙලවන්කොට වගේම දෑත් බැඳගෙන සිටින විටත් සම එල්ලා වැටෙන බව පෙනෙනවා.

ඔබ ඩයට් හෝ ව්‍යායාම කර ඉක්මනින් කෙට්ටු වුණහොත් කලින් මේදය සමග ඇදිලා තිබුණ සම දැන් මේදය නොමැති නිසා එල්ලා වැටෙන සමක් නිර්මාණය වනවා.මේදය ශරීරයෙන් ඉවත් වන වේගයෙන් අපේ සම යතා තත්ත්වයට පත් වන්නේ නැහැ.ඒ නිසාද මෙවැනි තත්වයක් ඇති වන්න පුළුවන්

කාන්තාවන් තුළ වැඩි ප්‍රමාණයක් තිබෙන ඊස්ට්‍රජන් හෝමෝනය ශරීරයේ මේදය තැම්පත් වීම සමග සෘජු සම්බන්ධයක් තිබෙනවා.ඒ අනුව ඉස්ට්‍රජන් හෝමෝනය නිවැරදි විදිහට අඩු වැඩි වීම අවශ්‍ය වනවා . නමුත් අයහපත් ආහාර පුරුදු ,ව්‍යායාම අඩු බව,විවිධ රෝග තත්ත්ව සහ වයස කියන කාරණාව සමග ඊස්ට්‍රජන් හෝමෝනය පාලනය වන්නේ නැහැ. මේ හේතුවෙන් කලවා ,පසුපස ,පපුව සහ අත් යන ප්‍රදේශ වල අධික ලෙස මේදය තැම්පත් වනවා.

කෙනෙක් වයසට යනකොට සමේ ප්‍රත්‍යස්ථ බවට ප්‍රධාන සාධකයක් වන කොලජන් වල යම් අඩු වීමක් සිදු වනවා.ඒ අනුව සම රැලි වැටීම මෙන්ම සම එල්ලා වැටීමද සිදු වනවා.

සිදු කළ යුතු සරල ව්‍යායාම

පළමුව ඔබ බිම හොඳින් මුනින් අතට දිගා වන්න

පසුව අත් ආධාරයෙන් රූපයේ දැක්වෙන ලෙස මුළු ශරීරයම ඔසවන්න

ඉන් පසුව එම ඉරියව්ව භාවිතා කරමින් උඩට සහ පහළට එසවෙන්න

මෙම ව්‍යායාමය 8 වතාව බැගින් SETS තුනක් කරන්න

මෙම ව්‍යායාමය සිදු කිරීමේදී කොන්ද නවන්නේ නැතිව සෘජුව කිරීම අනිවාර්ය වනවා.

පළමුව මිටි මේසයක් බංකුවක් වැනි ආධාරකයක් සොයා ගන්න

ඉන්පසුව රූපයේ පෙන්වලා තියෙන ආකාරයට වාඩි වී අත්වලින් ශක්තිය ලබා දී එසවෙන්න

ඉහළට සහ පහළට ක්‍රමානුකුලව පැමිණෙන්න

මෙම ව්‍යායාමය සිදු කිරීමේදී කකුල් නැවීමෙන් වළකින්න ඕන

හොඳ ප්‍රතිපලයක් ලබා ගැනීමට නම් සැරයකට 8 බැගින් SETS තුනක් කළ යුතු වනවා.

මේ සඳහා ඔබට 1Kg – 2Kg අතර ප්‍රමාණයක dam bell දෙකක් අවශ්‍ය වනවා.

පසුව dam bell දෙක රැගෙන රූපයේ ඇති පරිදි හොඳින් අල්ලා ගෙන දෙඅත් ඉහළට සහ පහළට ඔසවන්න

මෙය සිදු කිරීමේදී අතේ වැලමිටට උඩ කොටස සිරස්ව යුතු අතර අත් දිග හරිද්දී සම්පුර්ණයෙන්ම එය දිග හැරිය යුතු වනවා.

මෙයද සැරයකට 8 බැගින් SETS තුනක් කළ යුතු වනවා.

අප ගන්නා ආහාරවල සරල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කිරීම

ඒ වෙනුවට ධාන්‍ය , ප්‍රෝටීන් ආහාර සහ එළවළු වෙත වැඩි ඉඩක් ලබා දීම

සතියකට 2-3 වතාවක් ව්‍යායාම කිරීම.

මාංශ පේශිවලට දින 1 – 2 විවේකයක් ලබා දීම අනිවාර්යයි .

ඉහත ව්‍යයාම ඔබ නිවැරදි ආකාරයට සිදු කිරීම තුළින් ඔබට ගැටළුවක් වෙලා තිබුණ අත්වල එල්ලා වැටෙන සමට ඉතා කඩිනම් විසඳුමක් ලැබේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here