මේ අදහස් ටික මම උපුටා ගත්තෙ එක් සිංහල බ්ලොග් පිටුවකින්. හිත පතුලේ කාලයක් තිස්සේ නිදන්ගත කරගත් සැකය ජීවිතේට මොන තරම් ලොකු තර්ජනයක් වෙනවද කියන එක ඒ ලිපියේ අපූරුවට විස්තර කරලා තිබුණා. එක්කෙනා දෙන්නා වෙලා දෙන්නා තුන්දෙනා වෙන්න කලින්ම යුග ජීවිත විනාශ වෙලා යන්න මූලික ම හේතුව වෙන්නේ සැකය. අපි ගියවර ලිපියෙන් සැකය මඟහැර ගන්නට ඔබ අනුගමනය කරන්න ඕනේ පියවර කිහිපයක් ඉදිරිපත් කළා.
හැබැයි දිගින් දිගටම ඔබේ සහකරුගේ වෙනස්වීම් ඔබට අත්විඳින්නට වුණොත් එය ඇත්තටම ඔබට විශාල මානසික පීඩාවක්. ඔහු වෙනදා තරම් ඔබ සමඟ කතාකරන්නේ නැත්නම්, ඔහු වෙනදා තරම් නිවසේ රැඳෙන්නට ප්‍රියකරන්නේ නැත්නම්, කොටින්ම ඔහු ඔබ සමග ජීවත්වන්නේ අපහසුවෙන් කියා ඔබට දැනෙනවානම් ඔබ පත්වන තත්ත්වය ඉතා පීඩාකාරී විය හැකියි. මෙහෙම තත්වයකට මුහුණ දෙන්න ඔබට සිද්ධ වුණොත් ඔබ මොකද කරන්නේ?
– නිරංජලා –
Saru FM Media