එයාගේ ජීවිතේ අංක එක ෆෝන් එකද?

0
12


“මේ පාළු ගෙදර තනියම ඉන්න අවස්ථාවක් එනවා. ගෙනියන්න දෙන්නේ එකම එක දෙයයි. ඔයා මොනවද ගෙනියන්නේ?”

මේ ෆේස්බුක් වල කාලෙකට කලින් ජනප්‍රිය වුණු මීම් එකක්. 99% දුන්නු පිළිතුර ඔයාලට මතක ඇති.

ෆෝන් එක!!

ජීවිතේ නැතුවම බැරි දේවල් වල අංක එක ජංගම දුරකථනය වුණු බොහෝ පිරිසක් ඉන්නවා.මේ ලිපිය කියවන ඔයා, ලියන මම වුණත් එහෙම වෙන්න පුලුවන්.

මොනවද ජංගම දුරකථනයේ ඇබ්බැහිවීම්

සමාජ ජාලා

Chat apps

Mobile games

Netflix 

නිල් චිත්‍රපටි වෙබ් අඩවි

ඉතිං එතකොට මොකද කරන්නේ?  අපි ඒ ගැන කතා කරමු.

මුලින්ම ඔයා කල්පනා කරන්න එයා දුරකථනයට දැඩිව ඇබ්බැහි නම් ඔයා කරන්න ඕනෑ නැත්තේ මොනවද කියලා

මේක දෙපැත්ත කැපෙන පිහියක් වගේ දෙයක්. සමහර වෙලාවට අනියම් සම්බන්ධයක් ලේසියෙන්ම අල්ලා ගන්න පුලුවන් ක්‍රමය මේක. නමුත් ඔහු නිකම්ම නිකං ෆේස්බුක් ඇඩික්ටඩ් කෙනෙක් නම්, ගේම් ගහනවා නම්, යූ ටියුබ් ගිහින් ට්‍රැවල් ව්ලොග්ස් බලන කෙනෙක් නම් කොච්චරක් නම් තරහ යයිද?

හප්පලා පුප්පලා දිනන්න බෑ. ඒ රිලේෂන්ශිප් එකක් ඇතුළේ තියන ගෝල්ඩන් රූල් එකක්. ඒ හන්දා නිකං බැන වදින්න එපා. බනිනවාට වඩා කතා කරන එක බොහොම ප්‍රතිඵලදායකයි

එකට එක කිරීමත් රිලේෂන්ශිප් එකක් ඇතුළේ වෙන්න ඕනෑම නැති දෙයක්. ඒ හන්දා කරුණාකරලා ඔයත් සෝෂල් මීඩියා ඇඩික්ටඩ් වෙන්නවත් දිගට හරහට ෆිල්ම්ස් බලන්නවත් පටන් ගන්න එපා.

මේක තමයි හොඳම ඔප්ෂන් එක. මේ ඇබ්බැහිය ඔයාලගෙ සම්බන්ධතාවයට බාධාවක් කියලා එයත් එක්ක කතා කරන්න. ඒ නිසා ඔයාට එයාව මිස් වෙන තැන් ගැන කියන්න.

කෑම මේසය, නිදන ඇඳ වගේ තැන්වලට ෆෝන් එක ගේන්නේ නැතුව ඉන්න නීතියක් හදා ගන්න. එයා විතරක් නෙවෙයි ඔයත් ඒ නීතියට අනුගත වෙන්න. අසනීපෙන් ඉන්න අම්මා තාත්තා වෙනම නිවසක ඉන්නවා වගේ ප්‍රශ්න නැත්නම් රෑට ෆෝන් එක ඔෆ් කරන්නත් පුලුවන්.

ඇවිදින්න යන එක,සුරතලෙක් හදලා එයාගේ කෝලං බලන එක, එයා නොහිතන වෙලාවක එයාව සෙක්ස් කරන්න පොළඹවා ගන්න එක, උයන්න උදව් ගන්න එක වගේ පොඩි පොඩි මායම් පාවිච්චි කිරීමත් හොඳ වැඩක්.

ජංගම දුරකථනවල භාවිතා කිරීම පාලනය කිරීමේ ක්‍රම තියනවා. යම් වෙලාවකට පස්සේ අදාළ ඇප් එක බ්ලොක් වීම, ස්ක්‍රීන් ටයිම් පාලනය කරන ඇප්ස්, වෙබ් ෆිල්ටර්ස් වල උදව් ගන්න

සෝෂල් මීඩියා තරුවක් වෙලා ඒකෙන් එයාට මිදෙන්න බැරිනම්, දැඩි ලෙස නිල් චිත්‍රපටි වලට ඇබ්බැහි වෙලානම් එයාව උපදේශනයකට එක්ක යන්න. ඉතාම ලේසියෙන් එයාව ගොඩ ගන්න උපදේශකවරයෙකුට පුලුවන්.

ෆෝන් එක හින්දා රණ්ඩු වෙන්න එපා! සමහර විට ඔයාලගේ ආදරේ උපදින්න ඇත්තෙත් සමාජ ජාලාවලට පිං සිද්ධ වෙන්න. එක වහලක් යටට එන්න කලින් ආදරේ කරෙත් ෆෝන් එකට පිං සිද්ධ වෙන්න. ඒ නිසා ඇබ්බැහිය වළක්වා ගන්න විතරක් එයාට උදව් කරන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here