එයාගෙ අංක එක ෆෝන් එක ද?

0
11


“මගේ හස්බන්ඩ් කොයි වෙලාවෙත් ෆෝන් එකේ. ගෙදර කිසිම දෙයක් කතාබහ කරන්නවත් එයාට වෙලාවක් නැහැ. දරුවන් ගැන හොයන්න, එයාල එක්ක කතාකරන්න එයාට වැඩි වෙලාවක් නැහැ… ”

“අපි ආදරය කරපු කාලෙදි නම් එයා ෆෝන් එකෙන් කතා කළේ මාත් එක්ක. එතකොට එයාට කතාකරන්න ඕන තරම් වෙලාව තිබුණා. ඒත් අපි කසාද බැන්දට පස්සෙ එයා මං එක්ක කතාකරන එක ටික ටික අඩු කරලා දැම්මා. දැන් මම කතා කළත් ෆෝන් එකට ආන්ස්වර් කරන්නෙ කලාතුරකින්. අනේ මන්ද මේව කොහොම විසඳගන්න ද කියලා…”

තමන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දුරකථන භාවිතය ගැන හුඟක් කාන්තාවන්ට තියෙන්නෙ ඔන්න ඔය වගේ දුක්මුසු චෝදනා සමූහයක්. හුඟක් දෙනෙකුගෙ පවුල් ජීවිත අසාර්ථක වෙන්න, අවුල් වෙන්න, මත ගැටුම් ඇතිවෙන්න හේතුව වෙලා තියෙන්නෙත් මේ අසීමාන්තික දුරකථන ඇබ්බැහිවීම්. කොහොම වුණත් අද කාලෙ බොහොමයක් ජංගම දුරකථන සන්නිවේදන කටයුත්තට විතරක් පාවිච්චි කරන උපකරණයක් නොවීමත් මේකට හේතුවක්.  ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අය සමාජ ජාලා වල සැරිසරන්නේ, පත්තර බලන්නේ, සිංදු අහන්නෙ, කොටින් ම ගනුදෙනු කරන්නේ ෆෝන් එකෙන්. මේ නිසා දවසේ වැඩි ම කාලයක් තමන්ගෙ දුරකථනය සමඟ ජීවත්වෙන එක ඔවුන්ට නතර කරගන්න අසීරු පුරුද්දක් වෙලා. මේක පුරුද්දකටත් එහා ගිය ඇබ්බැහිවිමක් වුණාම නොයෙක් ගැටළු, මතභේද, ආරවුල් ඇතිවිය හැකියි.

බිරිඳක් විදියට ඔබ ඔබේ ස්වාමිපුරුෂයා මේ වගේ ඇබ්බැහිවීමක හිටියොත් ඒ තත්වය පවුලට හානිකර නොවෙන විදියට පාලනය කරගන්න හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි.

මේ කිසිවකටවත් ඔහු එකඟ කරවා ගන්නට ඔබ අසමත් නම්,  ඔහු දුරකථනයේ රැඳී සිටීම පාලනය කරගන්නට කිසිසේත් උත්සාහ කරන්නේ නැත්නම් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාව කිසියම් ආකාරයක ගැටළුවකට ලක්ව ඇති බව තමයි එයින් තහවුරු වෙන්නේ. උපදේශන සේවාවක සහයෝගය හෝ විශ්වාසවන්ත සමීපතම හිතවතෙකුගේ සහයෝගය ලබාගෙන ඔබ දෙදෙනා මුහුණ දී ඇති තත්වය හැකි ඉක්මණින් යහපත් කරගන්න.

– නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here