ගැටුම් ඇතිවීම ඕනෑම සම්බන්ධයක් තුළ සාමාන්‍ය සංසිද්ධියක්.විවිධ කාරණා සම්බන්ධයෙන් ගැටුම් දෙදෙනකු තුළ ඇති වන්නට පුළුවන්.නමුත් පරිණත වන විට මේ ගැටුම් ඇතිවීමට හේතුවත් ඒවා නිසා පළුදු වූ සම්බන්ධයෙන් යළි ගොඩනඟා ගන්නා ආකාරයත් අවබෝධ කරගත යුතුම වෙනවා.
ගැටුමකට පසු නැවත ඔබේ සම්බන්ධය ආරම්භ කරන්නේ කොහොමද?
ඔබට යළි නිවැරදි කල නොහැකි තරම් දරුණු වචන කියමින් වාද කිරීම නැවැත්වීම ඔබ මුලින්ම කළ යුතු දේ වනවා.එය ඔබේ මුළු සම්බන්ධයෙන් අවුල් කර දමන්නට හේතුවක් වන බව එහෙම මතක තබා ගන්න.ඊළඟට මේ වාදය තුල හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගන්න.සමහර විට තදින්ම හිත රිදෙන්නට ඇත්තේ ඔබේ වචන හන්දා වන්නට පුළුවන්.
හොඳ හුස්මක් ගන්න.අනතුරුව කෝප වන්නට ඔබට සිදු වූ දේවල් ගැන කල්පනා කරන්න.සමහරවිට ඔබේ කෝපය ඇතිවන්නට ඇත්තේ ඉතා කුඩා හේතුවකට වන්නට පුළුවන්.නමුත් දැන් එය විශාල ගැටුමක් වී අවසානයි.ඒ නිසා කළ යුතු වන්නෙමු කෝපය පාලනය කර ගැනීමයි.
මේ ඔබ ගැටුමක් ඇති කරගෙන තිබෙන්නේ ඔබේ සහකරු සමගයි.ඒ බව මුලින්ම සිතට ගන්න.”මං තමයි හරි ඔයා වැරදි.”යන්නට ඉතා පහසු නමුත් “මගේ අතේ මේ වැරැද්ද තියනවා ඔයාගේ අතේ මේ වැරැද්ද තියෙන බව පිළිගන්න පිළිගන්න පුලුවන්ද? අසන්නට අපි බොහෝ අය පැටලෙනවා.ඒ නිසා පවුල යනු යනු ඒකකයක් බවත් එක් අයෙකුට බැනවදිමින් ගැටලුවකට විසඳුම් සෙවීමට අසීරු බවත් බවත් තේරුම් ගන්න.
බොහෝ වෙලාවට පවුලක් තුළ ගැටුම් අවසන් නො වීමට ප්‍රධානම හේතුව වන්නේ සමා ගැනීමට පැකිලීමයි.ගැටුමකදී දෙපාර්ශ්වයේම හිත් රිදවීම් ඇතිවෙනවා.එනිසා ඔබේ පාර්ශවයෙන් සිදුවූ දේවල් වලට සමාව ලබාගන්න.
“මම ඔයාට කෑගැහුවට මට සමාවෙන්න.හිතෙනවා මම හරිම අකාරුණික විදියට හැසිරුණා කියලා.ගරු නොකිරීම ගැනත් නරකට හැසිරීම ගැනත් මට සමාවෙන්න.”
මේ ලෙස පැවසීම ගැටුම සහමුලින්ම අවසාන වෙන්නට හේතු වෙන්නට පුළුවන්.
මෙය කිරීමට පැකිලීම නිසාත් ගැටුම කෙලවරක් නැතුව ඉදිරියට ඇදී යාමට පුළුවන්.ඔව්! සමහර විට සහමුලින්ම වරද ඔහුගේ වන්නට පුළුවන්.නමුත් මේ කතාව දිගින් දිගටම ඇදගෙන යාම නිසා ඔබට සිදුවන වාසියක් නැහැ.එනිසා ඔහු සමාව ගන්නට සූදානම් නම් සමාව ලබා දෙන්න.
ගැටුමකට පසු එකිනෙකාව දකිමින් මුමුණමින් බැන ගන්නට යාම ගැටුම සමථයක් නොවන හේතුවක් විය හැකියි.හැකිනම් පෞද්ගලික අවකාශයක මඳක් තනිවන්න.කාමරයේ දොර වසාගෙන මඳ වේලාවක් රැඳී සිටීම,නාන කාමරයට ගොස් වෙලාව රැගෙන ස්නානය කිරීම, එළියේ ඇවිදින්නට තනිව යාම ආදියෙන් ඔබව සන්සුන් විය හැකියි.
ගැටුම ඇතිවන්නට හේතුව ගැන ගැටුමකින් තොරව විවෘතව කතා කරන්න.ඔබට ඒ සම්බන්ධයෙන් දැනෙන දේ ද ඔහුට ඒ සම්බන්ධයෙන් දෙන දේ ද ගැන කතාබහ කරමින් සම්පූර්ණ එකඟතාවයකට පැමිණෙන්න.”අනිවාර්යයෙන් කළ යුතුයි,කවදාවත් මෙහෙම වෙන්න බෑ,ඔයා කිසිම වෙලාවක මාව තේරුම් ගන්නේ නැහැ,ඔයාට කිසිම වැඩක් හරියට කරන්න බෑ”වැනි වචන වැනි මොහොතකට නොගැළපෙන බවත් මතකයේ තබා ගන්න
ඔබ දෙදෙනාට ඔබ දෙදෙනාම මොනතරම් අත්‍යවශ්‍ය ද යන්න හොඳින් තේරුම් ගන්න.හිත් රිදවා ගැනීම නිසා තමන්ගේ හැඟීම් වලට මොනතරම් හානි වූවා ද යන්න ගැන කතාබහ කරන්න.විනිශ්චය කිරීමකින් තොරව හැඟීම් බෙදාගන්න.
ගැටුම අමතක වීමට දෙදෙනාම සන්සුන් වූ පසු එක්ව ක්‍රියාකාරකම් වල නිරත වන්න.ගෙදරට අවශ්‍ය බඩු භාණ්ඩ ගන්නට වෙළඳපොළට යාම,එකතුවී නිවස පිරිසිදු කිරීම,පිටතට ගොස් ආහාර ගැනීම,එකට චිත්‍රපටයක් නැරඹීම වැනි කාර්‍යයන් තුළින් ඔබව නැවත එකිනෙකාට සමීප වෙනවා සහතිකයි.
තත්වය කෙසේ වුවත් තවම දෙදෙනාට දෙදෙනා නුරුස්සන බව හැඟේ නම් පවුල් උපදේශනයකට යොමු වීම සුදුසු වනවා.සඟවන කාරණා සාකච්ඡා කරමින් ඔබට අවශ්‍ය අන්දමේ අවසානයකට ප්‍රශ්නය රැගෙන එන්නට වෘත්තීය එක වරයෙකුට නොහැකි වන්නේ නැහැ.
බිඳුනු බඳුනක් පිළිසකර නොවන බව සත්‍යයක්.නමුත් සම්බන්ධතාවයක් තුළ සෑම විටම වසන්ත සෘතුව පවතින්නේ නැහැ.කටුක ශීත ඍතුව දරා ගන්නටත් අපට සිදු වන බව සිහියේ තබා ගන්න
Saru FM Media