කිසිදු අයුරකින් තමන්ගේ නම හා ඡායාරූප මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට භාවිතා නොකරන ලෙසට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉල්ලා සිටිනවා.
ඒ සම්බන්ධයෙන් වන ලිපියක් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරමින් හිටපු ජනාධිපතිවරිය පෙන්වාදෙන්නේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ‘පුටුව ලකුණින්’ මැතිවරණයට ඉදිරිපත් වන පොදුජන එක්සත් පෙරමුණෙහි යම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා තම නම සහ ඡායාරූප යොදාගනිමින් අත් පත්‍රිකාවක් ගෙයින් ගෙට බෙදමින් සිටින බව සහ පෝස්ටර් අලවා ඇති බවට දැනගන්නට ලැබුණු බවයි.
මෙවැනි පත්‍රිකාවක් බෙදාහැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට තමන්ගේ කිසිදු අවසරයක් ලබා දී නොමැති බවත් ඒ බව පුටුව ලකුණින් තරග කරන ප්‍රදේශවල දේශපාලන නියෝජිතයින්ට මෙන් ම අපේක්ෂකයින්ට ද දැනුම්දී ඇති බව හිටපු ජනාධිපතිවරිය පැවසුවා.
තත්ත්වය එසේකොට තිබියදීත් අනවසරයෙන් තම නම සහ ඡායාරූපය භාවිත කරමින් මා ඔවුන්ට සහාය දෙන බව ප්‍රකාශ කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් හෙයින් එම කටයුත්ත වහාම නවතන ලෙසට කඩිනමින් පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම්දෙන ලෙස සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස හිටපු ජනපතිනි කුමාරතුංග මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Saru FM Media