එන හැම වීඩියෝවම ෂෙයාර් කරන්න යන්න එපා! පරණ සිද්ධි ආපහු අලුත් වගේ සෝෂල් මීඩියාවල දාන අයට එරෙහිව පොලිසිය ක්‍රියාමාර්ග ගන්න යනවා! I Sri Lanka Latest News

0
2


මෙරටට පැමිණි පිලිපීන සංචාරකයෙකුට වැලිගම පිහිටි සර්ෆින් ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් එම සංචාරකයා සිය යූටියුබ් ගිණුමේ ඊයේ (24) පළ කර තිබුණි.Sri Lanka Latest News

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමේදී වැලිගම පොලීසිය පැවසුවේ, අදාළ සිද්ධිය පසුගිය වසරේ පෙබරවාරි 14 වනදා වාර්තාවූවක් බවත් ඒ සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින අතර එළැඹෙන සැප්තැම්බර් 11 වනදා එම නඩුව යළි කැඳවීමට නියමිත බවත්ය.

මේ අතර, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ඇතැම් අවස්ථාවලදී විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන පහරදීම් ඇතුළු ඔවුනට මුහුණපෑමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි හෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් කඩිනමින් ක්‍රියාමාර්ග ගෙන සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

එසේ වුවද මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන මෙන්ම පොලීසිය විසින් විමර්ශන සිදුකර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති සිදුවීම් පවා ඉතා මෑත කාලයේ හෝ දින කිහිපයකට පෙර සිදු වූ සිද්ධීන් ලෙස හුවා දැක්වෙන ආකාරයට ඇතැම් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නැවත නැවත සංසරණය කරවීමට ක්‍රියාකරන බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය දැනුම් දී තිබේ.

එබැවින් පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය කරවීමට කටයුතු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් රට අපකීර්තියට පත් කිරීමට හෝ වෙනත් අරමුණකින් එසේ සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඔවුනට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය වැඩිදුරටත් පවසයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here