සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි
රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නොවන පුද්ගලයන්ගේ අවශ්‍යතාවට අනුව ගුරුවරුන් පීඩාවට පත් කරන අණ පනත් නොගෙනෙන ලෙස සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
විනය, අධ්‍යාපනය, කුසලතා කාර්යභාරය, පිළිවෙළ යන කුලුනු හතර පාසලක තිබිය යුතු ප්‍රධාන ගුණාංග බවත් ඒවාට නීති පනවා ගුරු – විදුහල්පතිවරුන් දණ්ඩනයට ලක්කිරීම කිසිස්ත් අනුමත කළ නොහැකි බවත් කොළඹ 26 දා පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවසූහ.
පාසලක විනයක් පවත්වාගෙන යන්නේ නැත්නම් ඇතැම් විට දරුවා අධ්‍යාපනයෙන් ශක්තිමත් වුවත් විනයක් නොමැති වුවහොත් එම දරුවා කුමන තත්ත්වයකට පත්විය හැකි ද යන්න සිතා බලන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ. විනයක් නැතිකමින් ඇතැම් දරුවන් දැනටත් මත්ද්‍රව්‍ය, සොරකම් වැනි දේට නැඹුරු වී ඇති බව පෙනී යන බවත්, එවැනි දරුවන් යහමගට ගැනීමට ගුරු – විදුහල්පතිවරුන්ට ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් පැවසූ උන්වහන්සේ එම ක්‍රියාවන් මගින් දරුවා කායික, මානසික පීඩාවට ලක්කිරීම සිදු කරනවා නම් එය කිසිසේත් අනුමත නොකරන බව ද කීහ.
පාසලක විනය යන කාරණය ඉතා සැලකිල්ලෙන් බලා ප්‍රමුඛතාව දියයුතු බවත්, පාසලක විනය පවත්වාගෙන යෑමට කටයුතු කරන විදුහල්පතිවරුන්, විනය කමිටුව, ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම නිසා ඔවුන් අපහසුතාවට පත්වුවහොත් එම පාසලේ අධ්‍යාපනය, කුසලතා, කාර්යභාරය සහ පිළිවෙළ (පරිසරයට අනුගත වෙමින් ආචාරශීලීව කටයුතු කිරීම) කොයිතැනට පත්වේද යන්න සිතා බලා බලධාරීන් තීන්දු තීරණ ගත යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
චමින්ද සිල්වා
Saru FM Media