එදත් පචේ..! අදත් පචේ..! රට අන්දන පච මල්ලට මේ ඡන්දෙදි පාඩමක් උගන්වමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
9


පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියා රටේ ලක්ෂ 220ටම ලොකුම ලොකු බොරුවක් කළ බවත් බොරුව, රැවටිල්ල, ඇන්දවීම, මංමුලා කිරීම ජනතා විමුක්ති පෙරමුනේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සිදු කළ බවත් ජනතාවට කරනවා යැයි කියපු සෑම දෙයක්ම මේ රජය නොකර සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කුරුණැගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

33%කින් විදුලි බලය අඩු කරනවා කිව්වත් බලය ලැබුණු පසු මාස 6කට විදුලිය අඩු කළ නොහැකි බවට ප්‍රකාශ නිකුත් කළ අවස්ථාවේ ජනතාව මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි කිරීමට නිසා මහජන උපයෝගීතා කොමිසම විසින් 20%කින් විදුලි බිල අඩු කරන්න යෝජනා කළ නිසා රජයට විදුලි බිල අඩු කරන්න සිදු වූ බවත් ඉදිරි 13% කවද්ද අඩු කරන්නේ කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තෙල් මිල සම්බන්ධයෙන් ද පැවසූයේ එවැනි කතාවක් බවත් බදු, දූෂණ හා වංචා, කොමිස් මුදල් ආදිය නිසා තෙල් මිල වැඩි බවත් මේවා ඉවත් කිරීම හරහා තෙල් මිල අඩු කළ හැකි යැයි පැවසුවත් තවමත් තෙල් මිල වැඩි බවත් අද වන විට ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරය පවා නොලැබෙන බවත් මිල සූත්‍රය පවා අහෝසි කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පැය 24ම බොරුව වපුරණ රජයක් මේක

බඩු මිල අඩු කරනවා යැයි කිව්වත් එය ද නොවූ බවත් හාල්, කිරිපිටි, පොල් මිල වැඩි වී ඇති බවත් අවම වශයෙන් ලුණු ටිකවත් හරියට දී ගන්න මේ රජයට බැරි බවත් ජීවන තත්ත්වය පහත වැටී ආදායම් මාර්ග නැති වී දුප්පත්කම පවා වැඩි වී ඇති බවත් 35000ක් උපාධිධාරීන්ට පළමු අයවැයෙන් ලබා දෙනවා කියූ රැකියා අද නොමැති බවත් මේ රජය පැය 24ම ටොම් පච කියමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරණ පචයි අලුත් පචයි කියමින් ජනතාව රවටනවා

මේ වන විට පරණ පච මෙන්ම අලුත් පච ද කියමින් යන බවත් අයවැයේදී වීවලට මෙන්ම වෙනත් භෝගවලට සහන දෙනවා කියා අයවැයේ නොමැති වුවත් දැන් මැතිවරණ වේදිකාවේ එය කියමින් යන බවත් මේ රජය බොරුව වපුරා වපුරා 3 වැනි වතාවටත් නැවතත් බොරුව වපුරමින් යන බවත් මේ අය පරණ පච මෙන්ම අලුත් පචද කියා බලය දෙන් නැත්නම් ප්‍රතිපාදන දෙන්නැ කියා ජනතාව බය කරමින් යන බවත් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රට අන්දවන පච මල්ල පරාජය කරමු

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා පමණක් නොව රටේම ජනතාවගේ ජනාධිපතිවරයා බවත් එම නිසා මෙවැනි ප්‍රකාශ සිදු කිරිම ලැජ්ජා සහගත බවත් මේ රට අන්දවන පච මල්ල එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here