එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් කිරීමට අදාළ තවත් තීරණාත්මක සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී පවත්වා ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක, උප නායක අකිල විරාජ් කාරියවසම්, උප සභාපති නවීන් දිසානායක යන අයද මේ සඳහා එක්ව ඇති බව පැවසේ.
සමගි ජල බලවේගය වෙනුවෙන් එම පක්ෂයේ නායකයාට අමතරව සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් ෆොන්සේකා යන අයද සාකච්ඡාවට සහභාගි වූ බව වාර්තා වේ.
ලබන 28 වැනිදා එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහතා රිමාන්ඩ් භාරයට පත්වූ නඩුව යළි විභාග වන බැවින් එදිනට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු පාක්ෂිකයන් එම අවස්ථාවට එක් කිරීමට ද සමගි ජන බලවේගය එහිදී එකඟත්වය පළ කර ඇති බව පැවසේ.
ඉදිරි මැතිවරණවලදී එජාපය සහ සජබ ඇතුළු විපක්ෂයේ පක්ෂ එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වී තිබේ.
Saru News








