එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන විශේෂ අනාවරණයක්

0
7


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව වන්දි අය කර ගැනීම සඳහා ගොනුකර ඇති නඩුවේ අධිකරණ බලය සිංගප්පූරුවට සීමා කිරීමට ඒ පිළිබඳ ඇතිකරගෙන තිබෙන ගිවිසුම තුළින් එවක නීතිපතිවරයා සහ එවක අධිකරණ අමාත්‍යාංශ බලධාරීන් විසින් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ, එම නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය සහ ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු ධීවර ප්‍රජාව විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් යළි විභාගයට ගත් අවස්ථාවේදීයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පරිසර අමාත්‍යවරයා, ධීවර අමාත්‍යවරයා,  වරාය අමාත්‍යවරයා, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 12 දෙනෙකු  නම් කර තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here