එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඉන්දියාවෙන් පකිස්ථානයට චෝදනා රැසක්

0
3


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ඉන්දියාවේ නිත්‍ය නියෝජිත තානාපති පාර්වතනේනි හරීෂ් විසින් පකිස්ථානයට දොස් පවරා තිබෙනවා. 

ඒ, පසුගිය මාසයේ ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයකින් පසු අත්හිටුවන ලද ඉන්දු ජල ගිවිසුම පිළිබඳ අසත්‍ය තොරතුරු ලබා දීම සම්බන්ධයෙන්. 

ත්‍රස්තවාදයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් වන පකිස්ථානය, දේශසීමා ත්‍රස්තවාදයට සහාය දීම අවසන් කරන තෙක් අදාළ ගිවිසුම එලෙස අත්හිටවූ බව ඉන්දීය තානාපතිවරයා පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඉන්දියාව වසර 65කට පෙර සද්භාවයෙන් ඉන්දු ජල ගිවිසුමට එළඹුණ බවත් එම දශක හය හමාරක කාලය තුළ, ඉන්දියාවට යුද්ධ තුනක් සහ ත්‍රස්ත ප්‍රහාර දහස් ගණනක් එල්ල කළ බවත් මෙම ක්‍රියා මගින් ඉන්දු ජල ගිවිසුම උල්ලංඝනය කරමින් සිටින්නේ පකිස්ථානය බවයි ඔහු පවසා ඇත්තේ. 

මේ හේතුවෙන් පසුගිය දශක හතර තුළ  ත්‍රස්ත ප්‍රහාරවලින් ඉන්දියානුවන් 20,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවද ඉන්දීය නිත්‍ය නියෝජිත තානාපති හරීෂ් මහතා පැවසූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

මේ අතර ඉන්දීය නිත්‍ය නියෝජිත තානාපතිවරයා විසින් කළ එම චෝදනාව පකිස්ථානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here