එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්රේ මහතා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හමුවෙයි

0
3


එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-ඇන්ඩ්රේ ෆ්‍රාන්ෂ් මහතා, (Marc-Andre Franche) නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හමුවී තිබෙනවා 

එහිදී නගර හා ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම් සහිත ජනතාවට යෝග්‍ය නිවෙස් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් රජය ගන්නා උත්සාහයන් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ

තවද උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළුව , නිවෙස් ඉදිකිරීම් සඳහා අවශ්‍ය භූමි සහ භූමි අයිතිවාසිකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. 

දිවයින පුරා ව්‍යාප්ත වන නගරවල තිරසාර සංවර්ධනය සඳහා කාර්යක්ෂම නගර සැලසුම් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ අපහසු කාලවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබුනු සහයෝගය පිළිබඳව ඇමතිවරයා කෘතඥතාවය ප්‍රකාශ කළ අතර, තිරසාර සංවර්ධනය වෙනුවෙන් එම ආයතනය දැක්වූ සහයෝගය සඳහා ස්තුතිය පළ කර තිබෙනවා .

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා, නිවෙස් සහ නගර සංවර්ධනය සඳහා තාක්ෂණික සහයෝගිතා හා මූල්‍ය ආධාර ව්‍යාප්ත කිරීමේ නව අවස්ථා සෙවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සහය ඉදිරියට ද ලබා දෙන බවද පවසා ඇති බවයි වාර්තා වන්නේ.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here