එක්සත් ජනපදය පැනවූ නව තීරු බදු ගැන හොයන්න පත් කළ කමිටුව ජනපති හමුවෙයි

0
16


එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වී තිබෙනවා .

මෙම තීරු බදු පැනවීමේ පසුබිම සහ පදනමත්, මෙවැනි විශාල අගයකින් තීරු බදු පැනවීම නිසා කුඩා ආර්ථිකයක් හිමි අප වැනි රටවලට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳවත් මෙහිදී පුළුල්ව විමසා බැලූ බවයි සඳහන් වන්නේ .

උද්ගතව ඇති නව තත්ත්වය හමුවේ රටක් ලෙස ක්‍රියාකළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා .

කමිටුව නියෝජනය කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලනෙත්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්දර්ශන පෙරේරා,ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ  ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඔමාර්, මාස් හෝල්ඩිංග් සම නිර්මාතෘ ෂෙරාඩ් අමලීන්,ලංකා ගාමන්ට් කළමනාකරණ අධ්‍යක්ෂ සයිෆ් ජැෆර්ජි, මිචලින් ලංකා පුද්ගලික සමාගමේ නිලන්ති වැලිවේයන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව තිබෙනවා .

මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ද සහභාගි වී තිබෙනවා .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here