එක්සත් අරාබි එමීර් කණ්ඩායම තරගයක් නොදීම පරදී

0
7

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි – 20 තරගාවලියේ දෙවැනි තරගයේදී ඉන්දියාවට හිමි වූයේ ඉතා පහසු කඩුලු 09ක ජයග්‍රහණයකි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දෙවැනි තරගය ආරම්භ වූයේ ඉන්දීය කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමගයි.

තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඉන්දීය නායකයා තීරණය කළේ තම කණ්ඩායම මුලින්ම පන්දු යැවීමටයි.

එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන මොහොමඩ් වසීම් සහ අලිශාන් ශරාත්‍රා ඉනිම ඇරඹූ අතර මොහොමඩ් සහ අලිශාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 27ක සබඳතාවක් පැවැත්වූ අතර අලිශාන් ලකුණු 22ක් ලබාගත් අතර නායක මොහොමඩ් වසීම් ලකුණු 19ක් ලබාගත්තේය. ඉන්පසු පිටියට පිවිසි සියලුම දෙනාට තම කණ්ඩායම වෙනුවෙන් එක්කරගත හැකි වූයේ ලකුණු 16ක් පමණයි.

එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ක්‍රීඩකයන් 8 දෙනකුම ලකුණු 5කට අඩුවෙන් දැවීයෑම ද විශේෂත්වයකි. ඉන්දියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදෙව් ලකුණු 7කට කඩුලු 4ක් දවාගත් අතර ශිවම් ඩුබේ කඩුලු 03ක් දවාගත්තේ එමීර් කණ්ඩායම ලකුණු 57කට සීමා කරමිනි.

ඉන්දීය කණ්ඩායමට ලැබුණු පහසු ඉලක්කය පසුකර යෑමට පන්දුවාර හතරයි පන්දු තුනක් තුළදී හැකි වූ අතර අභිෂේක් ෂර්මා ලකුණු 30ක් ද ශුබ්මන් ගිල් ලකුණු 20ක් ද ලබාගත්හ.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ එක් කඩුල්ලක් දවාගන්නට එමීර් කණ්ඩායමට හැකි වූ අතර තරගය නිමාවූයේ ඉන්දියාවට කඩුලු 9ක ජයග්‍රහණයක් හිමිවීමෙනි.

සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here