එක්කෙනාට කිලෝ 10, 15 ලුණු ගෙනියන්න දෙන්න බෑ. පාලනයක් ඇතිව තමයි අපිට ලුණු දෙන්න වෙන්නේ – ඇමති හඳුන්නෙත්ති

0
2


සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය සමයේ ලුණු ලේවායන් පවතින ප්‍රදේශ සියල්ලටම පාහේ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ලුණු නිෂ්පාදනය අඩුවී ඇති බවත් එය දේශපාලනඥයින් වශයෙන් තමන්ට පාලනය කළ හැකි දෙයක් නොවන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“2017 – 18 කාලේ ටොන් 20,000 කරලා තියෙනවා. ඒ වෙලාවේ තිබුණු ආණ්ඩුවේ හොඳකමට නෙවෙයි, ඉර අව්ව තිබිච්ච නිසා. වැස්ස කළමනාකරණය වෙච්ච නිසා. ලංකාවේ පළවෙනි වතාවට තමයි අලිමංකඩටත් වහිනකොට හම්බන්තොටටත් වහින්නේ”

“ඒ කියන්නෙ වැස්ස, මං මේ තේරෙන සිංහලෙන් අහන්නෙ, මාධ්‍යවල කියනවා වැස්ස ප්‍රශ්නයක් නෑ කියලා. රිලව් පැන්නා වගේද කියලා අහනවා. අපි ඇවිල්ලා ලුණු නෑ කියලා කියන්නෙ. මාලිමාවෙ ආණ්ඩුව ආපු නිසා ලුණු නෑ කියලා කියන්නෙ. දැන් මෙතන තියෙන්නෙ සාමාන්‍ය තත්වයක් නෙවෙයි. මේ මාස හතරෙමත් වැහැලා තියෙනවා. දැනුත් වහිනවා”

“ලුණු ලේවායවල් පිහිටලා තියෙන හැම පැත්තටම එකවැර මිලිමීටර් 100 ටත් වඩා වැස්ස ආවා පහුගිය දවස්වල. එතකොට මේ කාරම තත්වය, සාන්ද්‍රණ මට්ටම තියාගන්න බෑ. සේවකයින්ට, නිලධාරීන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දේශපාලකයින් වශයෙන් අපට පාලනය කරන්න පුළුවන් දේකුත් නෙවෙයි ඒක. ඒක නිසා තමයි අපි ලුණු ආනයනය කරන්න තීරණය කළේ. මුහුද හතර වටේට තියෙන හින්දා වතුර ජොග්ගුවකට අරගෙන ගිහිල්ලා ගෙදර ලුණු හදාගන්න බෑ. හැබැයි ඒ කියලා ලුණු කිලෝ එක වෙනුවට ලුණු කිලෝ 10 – 15 ගෙදර අරන් යන්න දෙන්න බෑ. ඒක නිසා පාලනයක් ඇතිව තමයි අපට ලුණු දෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 19) පුත්තලම ලුණු කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දිවයින පුරා මේ වනවිට ලුණු හිඟයක් පවතින අතර ලුණු මිල ගණන් ද ඉහළ ගොස් ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here