එකමිටට එකතු වුණු ගැහැනුන් දහස් ගණනක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීත් මන්ත්‍රීවරියන් හැටියට පත් වෙනවා ! – සමන්මලී ගුණසිංහ

0
5


එකමිටට එකතු වුණු ගැහැනුන් දහස් ගණනක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීත් මන්ත්‍රීවරියන් හැටියට පත් වෙන බව සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ සඳහන් කරයි.
ඇය මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ගාලුමුවදොර පිටියේ ඊයේ (01) පැවති ජාතික ජන
බලවේගයේ මැයි දින රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් මැයි දින රැලිය ඇමතූ සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ,
“බොරු වපුරමින්, ජනතාව පාගාගෙන සිටි පාලකයන්ට එරෙහිව සත්‍යය ඉදිරියේ කෙළින් හිටගෙන වැඩ කරන ජනතාව එක්ක සියලුම වාමාංශික බලවේග එක් කර ගත් අතිවිශාල කාන්තාවන් පිරිසක් ඉදිරියට ඇවිත්, රට අලුත් මාවතකට ගෙන යන්න කැප වීමෙන් ක්‍රියා කළා. ගෙදර වැඩකටයුතු කරමින්, අපේ දේශපාලනයේ පුරෝගාමීන් වී මුළු රටේම ඉන්න ප්‍රගතිශීලී ජනතාව ජයග්‍රහණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් දහ නව දෙනෙකු ජාතික ජන බලවේගයෙන් සිටින අතර, අග්‍රමාත්‍ය හරිනි සහෝදරිය, සරෝජා පෝල්රාජ් ඇමැති සහෝදරිය, ලක්මාලි සහෝදරිය, නිලන්ති සහෝදරිය ඇතුළු අපේ සහෝදරියන් කට ඇරියොත්, විපක්‍ෂයට ඉන්න තැනවත් හොයා ගන්න බැරි තරමට ඇදවැටෙනවා. ඔබ වෙනුවෙන් ලෝකයක් තනන්න, ඔබ වෙනුවෙන් හෙටක් නිර්මාණය කරන්න පාර්ලිමේන්තුවේ පිරිස පමණක් නොවෙයි, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එකමිටට එකතු වුණු කාන්තාවන් දහස් ගණනක් මන්ත්‍රීවරියන් හැටියට පළාත් පාලන ආයතනවලට එනවා. එතකොට විපක්‍ෂයට දුවන්නවත් ඉඩ නැති වෙයි.
අපේ රටේ වැඩ කරන ගැහැනුන්ට අවුරුදු ගණනාවක් කිසිදු අගැයීමක්, වටිනාකමක් නැතිව පැත්තකට දමා ගෙවල් තුළ හැංගී ඉන්න සලස්වා තිබුණා. ජීවනෝපාය සලසා ගන්න වැඩ කර ගෙදරට ගියාට පස්සේ දරුවන්ගේ අධ්‍යාපන බරත් ඒ අම්මලා මත පටවා තිබුණා. සියලු බර දැරුවේ වැඩ කරන ගැහැනුන්. ඒ ගැහැනුන් එකමිටට එකතු වී මේ රට නිවැරැදි මාර්ගයට ගත්තා. ඉදිරියේ දී වැඩ කරන ගැහැනුන් සහ පිරිමින් එකතු වී රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම දක්වා කොටස්කරුවන් වීමේ වගකීමත් අප වෙත පැවරී තිබෙනවා. මේ රටේ සියලු ම ගැහැනුන් එක් වී රට නිවැරැදි මාර්ගයට ගතතා වාගේම මේ මැයි දිනයෙන් ලබා ගන්නා ශක්තිය සමඟ රට හදන ගැහැනුන් හැටියට කෙළින් සිටගෙන ඉදිරියට එන්න ආරාධනා කරනවා.”



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here