එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජයට පත් කරමින් එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (29දා) සමත් විය.
දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 320ක ඉලක්කය හඹා ගිය එංගලන්තයට පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194ක් පමණයි.
එක්දින කාන්තා ලෝක කුසලාන තරගබිමේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
Saru FM Media






