එංගලන්තයේ මාධ්‍යවේදීන් 34 දෙනෙකු ශ්‍රී ලංකාවට

0
2


බ්‍රිතාන්‍ය සංචාරක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ නව සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන, බ්‍රිතාන්‍ය සංචාරයන්ගේ සහ එරට සංචාරක නියෝජිතයන්ගේ වැඩි අවධානයට යොමු කරමින්, ඔවුන් සමග ශක්තිමත් අඩිතාලමක් දැමීමට, බ්‍රිතාන්‍ය සංචාරක ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් 34 දෙනෙකු අද (13) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදීන් පිරිස එරට ප්‍රමුඛතම ජනමාධ්‍ය ආයතනවල සේවය කරන පිරිසක් වන අතර මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණා.

පළමු වරට මෙරටට පැමිණි මෙම බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදීන් පිරිස දින 12ක කාලයක් මෙරට ‍රැඳී සිටිමින් සීගිරිය, දඹුල්ල, ත්‍රිකුණාමලය, යාපනය, මන්නාරම, නුවරඑළිය, මිරිස්ස, ගාල්ල, මහනුවර, යාල සහ කොළඹ ආදි ප්‍රදේශවල සිය අධ්‍යයන චාරිකාවේ නිරත වීමට නියමිතයි.

මෙම බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදීන් පිරිස අද පස්වරු 01.15 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here