එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් හි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එම ප්‍රාන්තය පුරා පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත.
ඊට අමතරව ප්‍රාන්තය පුරා අතිරේක මුර සංචාර සිදුකිරීමට සඳහා එරට හමුදාව යොදවා තිබේ.
එංගලන්ත වෙලාවෙන් ඊයේ (4) රාත්‍රී 9.30ට පමණ සසෙක්හි පිහිටි මුස්ලිම් පල්ලියකට කිසියම් පිරිසක් ගිනිතැබීමක් සිදුකළේය.
ඉන් කිසිවෙකුට තුවාල සිදු නොවූවත්, ගොඩනැගිල්ලේ ඉදිරිපස දොරටුවට සහ පිටත නවතා තිබූ වාහනයකට හානි සිදුවිය.
එම ගිනිතැබීම වෛරී අපරාධයක් ලෙස සලකා විමර්ශනය කරන බව සසෙක්ස් පොලිසිය පවසයි.
මේ වනවිට අදාළ ප්‍රහාරයට පැමිණි බවට සැකකෙරෙන දෙදෙනෙකුගේ ඡායාරූප මුදාහැර ඇත.
අදාළ ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන බලධාරීන් පෙන්දා දෙන්නේ, මෙම ගිනිතැබීම ජීවිත අනතුරේ හෙළීමේ අරමුණින් සිදු කරන ලද්දයක් බවට සලකන බවය.
ඒ අනුව වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ රැසක් සිදුකරන බව ඔවුන් පවසයි.
නම සඳහන් කිරීමට අකමැති වූ පල්ලියේ ස්වේච්ඡා සේවකයෙකු බීබීසී ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ, දෙදෙනෙකු ඉදිරිපස දොරෙන් ඇතුළු වීමට උත්සාහ කළ නමුත්, එය අගුළු දමා තිබූ බවය.
ඉන්පසු ඔවුන් දොරටුවට සහ පිටත නවතා තිබූ මෝටර් රථයක් අසල දියරයක් වත් කර, එය ගිනි තැබූ බව පැවසීය.
මේ වනවිට සති කිහිපයක සිට ජාතිවාදී කණ්ඩායම් දකුණු සසෙක්ස් වෙරළ තීරය පුරා කළු ජාතිකයින්ට සහ ආසියානුවන්ට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් අරඹා තිබේ.
ඔවුන් කොඩි, ස්ටිකර් සහ ජාතිවාදී වැකි ඉදිරිපත්කරමින් වෛරය සහ බිය ගැන්වීමේ වාතාවරණයක් ඇති කරමින් සිටින බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.
Saru FM Media