එංගලන්තයට ලකුණු 220ක ඉලක්කයක්

0
9

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 219ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 40ක්, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 26 බැගින් රැස්කරගත්තාය. 

චරිත් අසලංක ලකුණු 45කට දැවී ගිය අතර පවන් රත්නායක ලකුණු 29ක් රැස්කළේය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජේමි ඕවර්ටන් සහ ආදිල් රෂීඩ් කඩුලු 02 බැගින් දවාගත්හ.

තරගය ජයගැනීම සඳහා එංගලන්ත කණ්ඩායම හිමිවූ ඉලක්කය ලකුණු 220කි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here