එංගලන්තයට කඩුලු 05ක ජයක්

0
8

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජයගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. 

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 219කි. 

එහිදී චරිත් අසලංක ලකුණු 45ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 40ක් ලබාගත්තහ. 

පන්දුයැවීමේදී ජෙමී ඔවර්ටන්, ආදිල් රෂීඩ් සහ ජෝ රූට් කඩුලු දෙක බැගින් දවාගත්තහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 220ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 46.2ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ. 

එහිදී ජෝ රූට් ලකුණු 75ක් රැස්කරගැනීමට සමත් විය. 

පන්දුයැවීමේදී ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු දෙක බැගින් දවාගත්හ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here