උස්මාන් ෂින්වාරි ක්‍රිකට් පිටියෙන් සමුගනී

0
6

පකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් ෂින්වාරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් උස්මාන් ෂින්වාරි මේ බව නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.

වසර හයක පමණ කාලයක් පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළ ඔහු එක්දින තරග 17 කට සහ විස්සයි20 තරග 16 කට ක්‍රීඩා කර තිබේ.

එහිදී ඔහු එක්දින කඩුලු 34ක් සහ විස්සයි20 කඩුලු 13ක් දවාගෙන ඇත.

උස්මාන් ඔහුගේ දෙවන එක්දින තරගයේදී ඔහුගේ හොඳම පන්දු යැවීමේ දක්ෂතා ලබා ගත් අතර, සාජාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු පහක් දවා ගැනීමට ඔහු සමත් විය.

ඔහු 2019 දී ඔහුගේ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නැවත වරක් කඩුලු 5ක් දවා ගැනීම සමත්විය.

ඔහු 2018 ආසියානු කුසලාන තරගාවලියේදී පකිස්තාන සංචිතයේ ද සාමාජිකයෙකු විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here