උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ

0
2

2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර 66%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

ඊයේ (31) රාත්‍රියේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ බව අද දින විභාග කොමසාරිස් ජනරාල්වරිය විසින් නිල වශයෙන් දැනුම් දුන්නේය.

මෙවර උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ.

මේ අතර අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර උසස් පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ගත් සිසුන් පාසල් සිසුන් ගණන 7,477ක් වන අතර, එය 3.38%ක ප්‍රතිශතයකි. පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු ද සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගෙන ඇත.

විෂය ධාරා අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුණු ප්‍රමාණයන්

ජීව විද්‍යාව – පාසල් 59.56% – පෞද්ගලික 58.43%ක් 

භෞතික විද්‍යාව –   63.96%  – පෞද්ගලික 61.59%

වාණිජ  – 72.02%  – පෞද්ගලික 66.29%

කලා  – 67.57% – පෞද්ගලික 63.57%

ඉංජිනේරු තාක්ෂණවේදය – 64.85% – පෞද්ගලික  62.65%

ජෛව පද්ධති තාක්ෂණවේදය – 71.76% සමස්ත 70.24%

වෙනත් විෂය  – 55.39% සමස්ත 51.45%

මෙවර විශ්වවිද්‍යාල ලැබූ ප්‍රතිශතය පළාත් අනුව,

බස්නාහිර – 69.42%ක් 

වයඹ – 68.48%ක්

උතුරු – 66.91%ක්

නැගෙනහිර – 66.32%ක්

දකුණ – 65.69%ක්

සබරගමුව – 64.97%ක්

ඌව – 63.53%ක් 

මධ්‍යම – 63.04%ක්

උතුරු මැද – 60.91%ක්

මෙවර විශ්වවිද්‍යාල ලැබූ පිරිස අතරින් බහුතරයක් ගැහැණු දරුවන් වන අතර, ජීව විද්‍යා අංශයෙන් පමණක් පිරිමි දරුවන් වැඩි ප්‍රතිශතයක් විශ්වවිද්‍යාල වරම් ලබා ඇතැයි ද විභාග කොමසාරිස්වරිය පැවසීය.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයේ දී කලා විෂය ධාරාවට පෙනී සිටින දරුවන්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණ බවත් එය ප්‍රතිශතයක් ලෙස 32.03ක් බවත් විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ වෙනත් විෂයන් මෙන්ම තොරතුරු තාක්ෂණය යන විෂය ධාරාවන්ට ළමුන්ගේ වැඩි නැඹුරුවක් ඇතිව තිබෙන බවද විභාග කොමසාරිස්වරිය පැවසීය.

ඒ අනුව මෙවර ජීව විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම, දෙවන,තෙවන ස්ථාන දිනගත් සිසුන් පහතින් දැක්වේ.

ජීව විද්‍යා විෂය ධාරාව

පළමු ස්ථානය – ඩිලාන් සංජන (කොළඹ රාජකීය විද්‍යාලය)

දෙවන ස්ථානය – ක්‍රිෂාන් සසිදු නම්තර (හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය)

තෙවන ස්ථානය – දර්ශනා කෝනේෂ්  (ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාල‍ය, ත්‍රිකුණාමලය)

භෞතික විද්‍යා විෂය ධාරාව

දේවේන්දන් තිරුකුමාරන් (කිලිනොච්චි මහා විද්‍යාලය)

තරුෂ ගිම්හාන ගම්ලත් (කුරුණෑගල මලියදේව විද්‍යාලය)

විනුර ප්‍රසාද් ද මෙල් (පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here