උෂ්ණාධික කාලයේ මුත්‍රා ආසාදන වලින් වළකින්නේ මෙහෙමයි

0
2

මේ රස්නේ කාලේ අපි ලෙඩ රෝග බොහොමයකට ලක් වෙන්න පටන් අරන්. ඒ අතරින් සුලබ රෝගයක් තමයි මුත්‍රා ආසාදන සහ මුත්‍රා දැවිල්ල.

ගෙදර කාට වුණත් හිටි හැටියේ හැදෙන්න පුලුවන් මේ අසනීපෙට ඔබත් සූදානම් ශරීරෙන් සිටීම වටිනවා.

මුත්‍රා ආසාදන වලට ගොදුරු නොවී ඉන්න හොඳින් වතුර බොන එක අනිවාර්යය දෙයක්. මුත්‍රාශයේ ඇතිවන විෂබීජ ආසාදනයක් හෝ අවහිරතාවයක් නිසා තමයි මුත්‍රා ආසාදන හටගන්නේ. ඒ නිසා හොඳින් මුත්‍රා පිට කිරීම වෙනුවෙන් දිනකට පිරිසිදු වතුර ලීටර් හතරක් වත් ඔබ පානය කළ යුතුමයි.

මේ උෂ්නාධික දවස් වල මේ තත්වයට ලෙහෙසියෙන්ම ගොදුරු වෙන්න ඔබේ ආහාර පුරුදුත් හේතු වෙනවා. අම්ල අධික ආහාර, කෘත්‍රිම බීම වර්ග, අධික තෙල් හා මිරිස් අඩංගු ආහාර හැකිතාක් භාවිතා නොකර ඉන්නට වග බලා ගන්න.

බාර්ලි වතුර, තැඹිලි වතුර හැකි සෑමවිටම පානයට ගැනීමත් වැදගත්.

හදිසියේ හෝ මේ තත්වයට ගොදුරු වූ විට මේ සරල ප්‍රතිකාර ඔබට කරන්නට පුලුවන්.

  1. පොල්පලා සහ අක්කපාන සමසමව ගෙන තම්බා පානය කිරීම.
  2. සුදු හඳුන් කුඩු සහ අරළු කුඩු සම සමව ගෙන තැඹිලි ගෙඩියක් සිදුරු කර එයට දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙය රාත්‍රියේ දී සකසා උදෑසන පානය කරන්න.
  3. කටු අනෝදා බීම පානය කිරීම.
  4. කාමරංගා බීම පානය කිරීම.
  5. කොත්තමල්ලි තැම්බූ වතුර පානය කිරීම.
  6. කුරුඳු සහ උළුහාල් කොටා තැඹිලි වතුරට දමා විනාඩි විස්සකට පසු පානය කිරීම.
  7. කැකිරි හා රාබු ආහාරයට ගැනීම.
  8. අක්කපාන දළු සම්බෝලය ආහාරයට එක් කර ගැනීම.
  9. පොල්පලා, නීරමුල්ලිය හා වදමල් පාන වර්ග භාවිතය.

එහෙත් මුත්‍රා දැවිල්ල දිගින් දිගටම පවතිනවා නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීමට අමතක කරන්න එපා.

මේ අධික රස්නය පවතින දිනවල ලෙඩ රෝග බහුල නිසා සෑමවිටම ඔබේ සෞඛ්‍ය ගැන ඉහළ අවධානයක් දෙන්න.

-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here