උපාධිධාරීන් 31000ක් බඳවා ගැනීමට රජයෙන් මුදල් වෙන් කෙරේ

0
8


නව උපාධිධාරීන් 31000ක් බඳවා ගැනීමට රජයෙන් මිලියන 10,000ක් වෙන් කර ඇති බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (18) සවස අනුරාධපුරයේ දී පැවති අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා ඇතුළු අනුරාධපුර නගරයේ විද්වතුන් සහ ව්‍යාපාරිකයින් ද එක් ව සිටියා.

මහපොළ භාරකාර අරමුදල සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ SLllT ආයතනය නිර්මාණය කරනු ලැබුවේ මහපොළ භාරකාර අරමුදල ප්‍රතිපාදන මගින් බවත් එවන් රජයේ ආයතනය ද රජයට වංචා කරමින් පැවති රජයන්ගේ අනුග්‍රහයෙන් මූල්‍ය වංචාවන් සිදු කර ඇති බවයි.

රුපියල් මිලියන 379ක වටිනාකමකින් යුතු පාරිභෝගික භාණ්ඩ, තොග ගබඩා සංස්ථාව මගින් දිස්ත්‍රික්ක මට්ටමින් පවතින ගබඩා 06ක් සඳහා නිකුත්කර තිබුණ ද මේ වන තෙක් එම පාරිභෝගික භාණ්ඩ එම ගබඩාවලට පැමිණ නැති බවත් මෙවන් දූෂණයන් එම තොග ගබඩා සංස්ථාව තුළ සිදු ව ඇති බවත් වත්මන් රජය බලයට පත් වූ පසු එම ආයතනය තුළ වැඩිම ලාභය වාර්තා කරමින් රුපියල් මිලියන 86ක මුදලක් වසර දහයකට පමණ පසුව පසුගිය මාර්තු මාසයේ උපයා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තරග විභාග මගින් රැකියා සඳහා උපාධිධාරින් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරියේ දී උපාධිධාරීන් 31000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ද මතක් කර සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here