උදේ කෑමට රසවත් “apple crisp”

0
15


අවශ්‍ය දේවල්:

  • පොතු ඇරලා පෙති කපාගත් ඇපල් කෝප්ප 10
  • ඕට්ස් කෝප්ප 1
  • සුදු සීනි
  • පාන් පිටි මේස හැදි 1
  • කුරක්කන්  /හාල් පිටි කෝප්ප 1
  • දුඹුරු සීනි
  • කුරුඳු කුඩු තේ හැදි 1
  • වතුර කෝප්ප 1/2
  • දිය කරගත් බටර් කෝප්ප 1/2
  • බේකින් සෝඩා තේ හැදි 1/4
  • බේකින් පවුඩර් තේ හැදි 1/4

සාදාගන්නා ආකාරය:

මුලින්ම අවන් එක 175°C උෂ්ණත්වයට රත් කරන්න.

ඊළගට අවන් එකට දැමිය හැකි ප්‍රමාණයේ ට්‍රේ එකක් අරගෙන කපා ගත් ඇපල් පෙති ටික ඒකට දාගන්න.

භාජනයක් ගෙන පිටි මේස හැදි 1, සුදු සීනි, කුරුඳු කුඩු දමා කලවම් කරගන්න.

මේ පිටි මිශ්‍රණයට ඇපල් පෙති ඉසින්න.

වතුර එක් කරන්න.

තවත් භාජනයක් ගෙන ඕට්ස්, කුරක්කන් හෝ හාල් පිටි , දුඹුරු සීනි, බේකින් පවුඩර්, බේකින් සෝඩා,බටර් දමා කලවම් කරගන්න.

මේ ඕට්ස් මිශ්‍රනයත් කලින් හදාගත් ඇපල් මිශ්‍රණය උඩින් දාගන්න.

රත් වෙන්නට දැමූ අවන් එකට මෙය දමා හොඳින් බේක් කරන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here