උදේ ආහාරය වැදගත් ඇයි…?

0
11


උදේ ආහාරය රජෙක් වගේ ගන්න කියන වාක්‍ය මොනතරම් ගායනා කළත් බොහෝ දෙනෙක් උදේ ආහාරය මග හරිනවා. වෙලාවක් නැතැයි යන සම්ප්‍රදායික වගන්තිය ඔස්සේ තමන්ගේ නිදහසට කරුනු කිව්වත් දරුවන්ට උදේ ආහාරය ලබා දීම ඉතාම වැදගත්. ඔබ දැන් මෙහෙම කියාවි…

උදේ ආහාරයට අඩුම තරමින් ආහාර කාණ්ඩ තුනක්වත් එකතු විය යුතුයි. ඒ අතරට ධාන්‍ය, එළවළු සහ පළතුරු වගේම මස් , මාළු වැනි දේ ඇතුලත් වීම වැදගත්. කිරි වලින් ලැබෙන්නේ එක් ආහාර ඛණ්ඩයක් විතරයි. පාසල් යන දරුවන්ගේ වර්ධණය ඉතාම සිඝ්‍රයෙන් සිද්ධ වෙන නිසා ඔවුන්ට අවශ්‍ය පෝෂනය ලබා දීමට උදේ ආහාරය ගැන සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

ශ්‍රිලංකාවේ සංඛ්‍යා ලේඛන ( බී.බී.සී. ) මගින් පෙන්වා දෙන අන්දමට පාසල් 10, 162 ක ඉගෙනුම ලබන දරුවන් අතරින් හතලිස් එක්ලක්ෂ හතලිස් තුන්දහස්  තිහක් පමණ දරුවන් උදේ ආහාරය මග හරිනවා.

ජීවිතය ජීවත් කරන්නේ හදවතයි. අද යාන්තම් වයස අවුරුදු තිහක් පමණ වෙන විට හදවත ආශ්‍රිත රෝගාබාධ ගැන අපිට නිරන්තරව ඇසෙනවා. හදවත ආරක්ෂා කර ගැනීමට පහසු මගක් ඔබ තවමත් නොදන්නවා ඇති. ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය “ලිෂ් චර්චිල්” ස හන් කරන ( ඩේලි මේල් ) හෘදය වස්තුවේ කිරීටක ධමණීන් ආශ්‍රිත රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලැබීමට උදේ ආහාරය නිසි පරිදි ලබා ගැනීම ඉතාම වැදගත්.

දියවැඩියා රෝග තත්වය අද ප අතර ඉතාම සුලබයි. මෙය නිහඬ මාරයෙක් විදිහට හැදින්වෙනවා. ඒ වුනත් උදේ ආහාරය නිසි පරිදි ලබා ගන්නා දරුවන් දියවැඩියා රෝග තතවයෙන් ආරක්ෂා කර ගැනීම ඉතාම පහසු බව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය අංශය මගින් පවත්වන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දී තිබේ. මෙම අධ්‍යනය වෙනුවෙන් පුද්ගලයන් 48,289 ක් දෙනා තෝරා ගත් අතර එම පිරිස අතරින් දියවැඩියා රෝග තත්වයට පත් පිරිස උදේ ආහාරය වෙනුවෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන පිරිසක් වීම මේ තත්වයට හේතු විය.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාගේ උදේ ආහාරය ගැන වඩාත් සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

පුද්ගලයෙකුගේ නීරෝගීතාවය වෙනුවෙන් උසට සරිලන විදිහට බර තිබීම ඉතාම වැදගත්. අද දරුවන් අතර මේ තත්වය දකිනන් ලැබෙන්නේම නැහැ. තරබාරුව ඔවුන් වෙනුවෙන් වූ රෝගාබාධයන්ට මග කියනවා. ඒත් උදේ ආහාරය ලබා ගන්නවා නම් අනවශ්‍ය තරබාරුවෙන් මිදෙන්න එතරම් අපහසුවක් නැහැ. රාත්‍රි ආහාරය ගැනීමෙන් පසුව නින්දට යන නිසා අනවශ්‍ය විදිහට සිරුරට කැලරි ගබඩා වුනත් උදේ ආහාරයේදී ඇති වෙන ක්‍රියාශීලීත්වය නිසා බයක් නැතුව ආහාර ගත හැකියි. අපි ඒ ගැන නොතකා හොදම ආහාරය රාත්‍රිය වෙනුවෙන් ලබා ගෙන නින්දට යන නිසා ආහර දහනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා රාත්‍රි ආහාරය නොව දරුවන් වෙනුවෙන් වඩාත් පෝෂ්‍යදායී ලෙසින් උදේ ආහාරය ලබා දෙන්න.

පිලිකාව යන වචනයත් අපි අහන්න කැමැති නැහැ. ඒ නිසා හැකි තරම් පිලිකාවෙන් මිදෙන්න අපි ජීවිතය හැඩ ගසා ගත යුතුයි.ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණායතනයක් ( වෙබ් මෙඩ් ) මගින් සිදු කරන ලද අධ්‍යනයක් අනුව පෙන්වා දෙන්නේ උදෑසන ආහාර මග හැරීම නිසා ඇති වෙන තරබාරුව පසුකාලයකදී නොදැනීම පිලිකාව ඇති වීමට බලපාන බවයි. උදේ ආහාරයේදී පිටි බහුල ආහාර ගැනීම නිසා එළවලු ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන  “බිටා කැරොටින” අඩු වීමත් ‍දරුවන්ගේ රෝග තත්වයන්ට බලපාන බව මෙම අධ්‍යනයන් මගින් හඳුනාගෙන තිබෙනවා.

අම්මලා දරුවන් රජුන් කරන්න දුක් මහන්සි ගන්න බව සැබෑව. ඒ වගේම මේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය පෝෂණය ලබා දීමත් ඊට සමගාමීව යා යුතු නිසා උදේ ආහාරය ගැන සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here