උදෙන් ම දෙහි මිශ්‍ර වතුර බිව්වොත් ලැබෙන විස්මිත ප්‍රතිඵල 08ක්

0
12


දෙහි කියන්නේ අපි එදිනෙදා ජීවිතයේ විවිධ දේවල් සඳහා භාවිතයට ගන්න දෙයක්. ආහාරයට , බීමට , රූපලාවණ්‍ය කටයුතු වලට සහ විවිධ පිරිසිදු කිරීම් වලටත් අපි දෙහි භාවිතා කරනවා.අද අපි ඔබට කියන්න යන්නේ දෙහි මිශ්‍ර වතුර පානය කිරීමෙන් ඔබට ලබා ගන්න පුලුවන් වාසි ගැනයි.

දිනකට වතුර වීදුරු අටක් පමණ පානය කරන්න ඕන උනත් ගොඩක් දෙනාට මග ඇරෙන සහ ගොඩක් දෙනා අකමැති දෙයක් තමයි ඒක. ඒත් දෙහි මිශ්‍ර වතුර ඔබ පානය කරනවා නම් ඔබට වැඩි වතුර ප්‍රමාණයක් පානය කරන්න උනන්දුවක් ඇති කරගන්න පුලුවන්

දෙහි මිශ්‍ර වතුර පානය කිරීම ආහාර දිරවීමට ඉතා පහසු වන බව පර්‍යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.ආමාශයේ ආහාර ජීර්ණ ස්‍රාවය උත්තේජනය කිරීමට උපකාරී වන සංයෝග දෙහි වල අඩංගු වන බවත් එම පර්‍යේෂණ වල සඳහන් වෙලා තිබෙනවා.

පැඟිරි කුලයේ පලතුරු පරිභෝජනය මගින් පිළිකා අවධානම අඩු වන බව 2015 වසරේදි වෛද්‍ය බැල්ටිමෝර් කල අධ්‍යනයකදි සොයාගෙන තිබෙනවා.

දෙහි වල විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන බැවින් ඒවා සම පැහැපත් කිරීමට උදවු වනවා.එමෙන්ම සම වියපත් වීම සහ සම එල්ලා වැටීම වැනි තත්වයන්ද දෙහි මිශ්‍ර වතුර පානය කිරීමෙන් අවම කරගත හැකියි

පෝෂණවේදීන් බොහෝ විට නිර්දේශ කරන්නේ අධික ලෙස ආහාර ගැනීම වැළැක්වීම සඳහා ඔබ ගන්නා ආහාර වේලකට පෙර දෙහි මිශ්‍රවතුර වීදුරුවක් පානය කිරීමයි.ඒ වගේම දෙහි යුෂ වල අඩංගු සිට්රික් අම්ලය පුද්ගලයෙකුගේ පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වන අතර වැඩි කැලරි දහනය කිරීමට සහ මේදය අඩුවෙන් ගබඩා කිරීමටද උපකාරී වනවා

දෙහි මිශ්‍ර වතුර පානය කිරීම මගින් එහි අඩංගු විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වීම මගින් එය වැඩි දියුණු කරනු ලබනවා.එමෙන්ම දෙහි මිශ්‍ර වතුර දිනපතා පානය කරන විට සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි රෝග වල ආයු කාලය වළක්වා ගැනීමට සහ කෙටි කිරීමට උපකාරී වේ

දෙහි වල මැග්නීසියම් සහ පොටෑසියම් ඉහළ මට්ටමක පවතිනවා.මෙම මූලද්‍රව්‍ය දෙකම හෘද් සෞඛ්‍ය සඳහා සහාය වන අතර විශේෂයෙන් පොටෑසියම් මගින් රුධිර ප්‍රවාහය වැඩි දියුණු කර රුධිර පීඩනය අඩු කරනු ලබනවා .ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටද දෙහි මිශ්‍ර වතුර පානය කිරීම උපකාරී වෙනවා

දෙහි වල අඩංගු සිට්රික් අම්ලය සහ විටමින් සී මගින් සමහර වර්ගවල වකුගඩු ගල් කැඩීමට හෝ වළක්වා ගැනීමට උපකාරී වන බව 2014 දි පර්‍යේෂණයක් මගින් සොයාගෙන තිබෙනවා.එම පර්යේෂකයන් නිගමනය කර ඇති ආකාරයට විටමින් සී සහ සිට්‍රික් අම්ලය පුද්ගලයන්ගේ ආහාර වේලට ඇතුළත් කිරීමෙන් පුද්ගලයෙකුට අනාගතයේදී වකුගඩු වල විශේෂිත ගල් සෑදීමේ අවදානම අවම කර ගත හැකි බවයි

දෙහි මිශ්‍ර වතුර පානය කිරීම මගින් මෙන්න මේ සෞඛ්‍යමය වාසි ඔබට ලබා ගන්න පුලුවන් .

සැලකිලිමත් විය යුතුයි

ඔබට බඩ දැවිල්ල , ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ව වලින් පෙලෙන අයෙක් නම් මේ දෙහි මිශ්‍ර වතුර ඔබට සුදුසුයි කියලා අපි යෝජනා කරන්නේ නෑ.

ඒ නිසා ඔබේ සෞඛ්‍ය තත්වය අනුව මේ දෙහි මිශ්‍ර වතුර පානය කරන්න කියලා අපි ඔබට මතක් කරනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here