උදෑසනට පෝෂණ ගුණය පිරි බ්‍රෙක්ෆස්ට් රෙසිපි

0
10


උදෑසන ආහාරයට හොඳ පෝෂණයක් සහිත රසවත් ආහාර ලබා ගැනීම ඔබේ දවසම ප්‍රබෝධමත් කරන්නට සමත් වෙනවා.ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් හදා ගන්න පුලුවන් උදෑසන ආහාර කිහිපයක් අපි අදත් අරගෙන ආවේ ඒ නිසා.ගෙදර හැමෝම රසින් රස ගන්වන්න පුලුවන් රසවත් බ්‍රෙක්ෆස්ට් කිහිපයක් තමයි මේ.

Cloud egg

අවශ්‍ය දේවල්:

  • බිත්තර 2
  • ලුණු ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු
  • පර්මසන් චිස් මේස හැදි 2
  • කොත්තමල්ලි කොළ සිහින්ව කපා ගෙන

සාදාගන්නා ආකාරය:

අවන් එක 200°C උෂ්ණත්වයට රත් කරන්න
අවන් ට්‍රේ එකකට තෙල් කඩදාසියක් දමා පසෙකින් තබා ගන්න
බිත්තර දෙකේ සුදු සහ කහ මද වෙන් වෙන්ව ට්‍රේ එකකට දමා ගන්න
සුදු මද හිම මෙන් වෙන තුරු බීට් කරන්න
චීස් ද එකතු කරමින් බීට්කරන්න
ට්‍රේ එකට එම මිශ්‍රණය දමා ගන්න.
මැද කුඩා ඉඩක් ඉතිරි කරන්න
අවන් එකට දමා විනාඩි දෙකක් පමණ බේක් වන්නට ඉඩ හැර ඉන්පසු ට්‍රේ එක පිටතට ගෙන මැදට කහ මදය දමා ගන්න.
නැවත විනාඩි තුනක් පමණ බේක් කර උඩින් කොත්තමල්ලි කොළ ඉස ආහාරයට ගන්න

Sweet potato pancake

අවශ්‍ය ද්‍රව්‍

  • පොඩි බතල ගෙඩි 1
  • බිත්තර 2
  • වැනිලා තේ හැඳි 1
  • කුරුඳු කුඩු තේ හැඳි 1/2

සාදා ගන්නා ආකාරය

  • බතල ගෙඩිය හොඳින් සෝදා ගෑරුප්පුවකින් ඇන ගන්න
  • එය මයික්‍රොවේව් අවන් එකට දමා විනාඩි තුනක් තබන්න
  • පිටතට ගෙන නිවා පොතු හරින්න
  • බ්ලෙන්ඩර් කරන්න
  • බිත්තර වැනිලා සහ කුරුදු කුඩු ද එකතු කරගනිමින් බ්ලෙන්ඩර් කර ගන්න.
  • මෙය තරමක් උකු මිශ්‍රණයක් විය යුතුයි.
  • සාමාන්‍ය පෑන් කේක් සාදන ආකාරයට ම පෑන් එකක් ලිප තබා මිශ්‍රණයෙන් ටික ටික දමමින් පෑන් කේක් සාදා ගන්න

potato and Egg salad

අවශ්‍ය දේවල්:

  • අල ගෙඩි 4
  • බිත්තර 6
  • ඇපල් ගෙඩි 2
  • කපාගත් ළුෑණු කෝප්ප 1/3
  • යෝගට් කෝප්ප 1/3
  • විනාකිරි මේස හැදි 1
  • තුනපහ මේස හැද 2
  • ගම්මිරිස් මේස හැදි 1/8
  • ලුණු මේස හැදි 1/4
  • මයොනිස් කෝප්ප 1/2
  • ලියාගත් සැල්දිරි කෝප්ප 2-3

සාදා ගන්නා ආකාරය

  • බිත්තර සහ අල තම්බා ගන්න
  • බිත්තර කෑලි හතරේ කොටස් වලට කපන්න
  • අල සහ ඇපල් ද කුඩා කැබලි වලට කපන්න
  • භාජනයක් අල, ඇපල්, සැල්දිරි ළුෑණු දාලා කලවම් කරගන්න.
  • තවත් භාජනයක් අරගෙන යෝගට්, මයොනීස්, තුන පහ, ලුණු, ගම්මිරිස් දාලා කලවම් කරගන්න.
  • මිශ්‍රණ දෙක එකතු කරගන්න.
  • අවසානයට බිත්තර කැබලි එකතු කරන්න.

සරලව සකසා ගත හැකි මෙවැනි පෝෂණිය උදෑසන ආහාර වර්ග ඔබට හොඳ පෝෂණයක් ලබා දෙන බව සහතිකයි.රසට වගේම ගුණට උදේට කන එක පුරුද්දක් කරගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here