උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන ඇමති එස්.එම් රංජිත්ට සහ ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් අද (02) බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.
ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ දඩ මුදලක්ද නියම කර ඇත.
2012 -2014 කාල වකවානුවේදී උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමති වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් විසිලක්ෂ අසූදහස් පන්සියයක් (රු 2,080,500) ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබිණි.
පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන ඇමති එස්.එම් රංජිත්ගේ බිරඳයි.
දීර්ඝ විභාගයකින් පසු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීමෙන් මෙම දඩුවම් නියම කර ඇත.
Saru FM Media