බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදු වූ උතුම් බක්පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.
බුද්ධත්වයෙන් 05වන වර්ෂයේදී සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවිසූ බුදුරජාණන් වහන්සේ, මිණිපළඟක අයිතිය අරභයා සටනට සැරසී සිටි චූලෝදර – මහෝදර නා රජුන්ට අනුශාසනා කිරීම පිණිස ශ්‍රී ලංකාවට දෙවනවර වැඩම කළහ.
බුදුරදුන් නාගදීපයේදී, සමගියේ අගය වටහා දෙමින් නාගගෝත්‍රිකයින්ට එන්දන, කාකෝලෝලුක, වට්ටක හා ලටුඛික යන ජාතක කතා දේශනා කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
යුද්ධයට සූදානම්ව සිටි නාරජුන් දෙදෙනා, විරසකය අමතක කළේ ඊට මුල් වූ මිණිපළඟ බුදුන්ට පූජා කරමිනි.
සතර පෙර නිමිතිවලින් පළමු නිමිත්ත වූ මහල්ලෙකු සිදුහත් කුමරුන්ට දර්ශනය වුයේද අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
4
Saru News













