උත්සව සමය රස කරන්න වෙනස් රසයක කෑම.

0
9


උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්…..

අන්නාසි ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය දේවල්

  • පිසූ බත් කෝප්ප දෙකයි
  • සිහින්ව කැපූ අන්නාසි කැබලි දෙකයි
  • චොප් කළ සුදුලූනු බික් දෙකයි
  • පොතුහැර සුද්ද කළ ඉස්සන් ග්‍රෑම් පනහයි
  • එළවළු තෙල් මේස හැඳි තුනක්
  • පිරිසුදු කරගත් දැල්ලන් ග්‍රෑම් පනහක්
  • ඉදුණු මිරිස් කරල් එකක්
  • සෝයා සෝස් තේ හැඳි එකයි
  • මාළු සෝස් තේ හැඳි බාගයයි
  • බැදගත් බිත්තර කැබලි කෝප්ප එකයි
  • ලුණු ගම්මිරිස් රස පදමට

සාදන ක්‍රමය

පෑන් එක ලිප තබා හොඳින් රත් වූ පසු ,එයට එළවළු තෙල් එක් කර තෙල් රත් වූ පසු  සුදු ලූනු,ඉස්සන් ,දැල්ලන් ,ඉදුණු මිරිස් කැබලි එකතු කර මදගින්නේ නොනවත්වා මිශ්‍ර කරමින් මිනිත්තු දෙකක් පමණ බැදගන්න. දැන් මෙයට පිසගත් බත් දමා එයටම සෝයා සෝස්, මාලු සෝස් ,ගම්මිරිස් ,  බැදගත් බිත්තර සහ ලුණු රස පදමට එකතුකර , ගින්දර  වැඩිකර මිනිත්තුවක් පමණ රත්කරගන්න. බා ගත් විගසම උණුසුම්ව පිලිගන්වන්න .උත්සව මේසයට  ගැලපෙන ලෙස සරසන්න අමතක කරන්නත් එපා .

 

-ඉරේෂා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here