සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා, දත්ත සොරකම් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරතව සිටින අපරාධකරුවන් විසින් විවිධ උපක්‍රම භාවිතා කරමින් ජනතාවගේ මුදල් හා සංවේදී තොරතුරු වංචනිකව ලබාගැනීම වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බව පොලීසිය පවසයි.
ඇතැම් පුද්ගලයන් විසින් ආර්ථික අපහසුතා හේතුවෙන් හා ක්ෂණික මුල්‍ය ලාභ අපේක්ෂාවෙන් මෙවැනි වංචනික ක්‍රමෝපායන් වෙත නතුවීමේ හැකියාවන් පවතින බවට පසුගිය වර්ෂයන් තුළ පොලිස් ස්ථාන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා වන ලද පැමිණිලි අනුව නිරීක්ෂණය වී ඇති බව පොලීසිය නිවේදනය කරයි.
වංචා සහගත දැන්වීම්, වංචනික සබැඳි, අවුරුදු Offer හා Giveaway, ව්‍යාජ වෙළෙඳ සේවා වෙබ් අඩවි, ව්‍යාජ බැංකු දීමනා, ව්‍යාජ බැංකු වෙබ් අඩවි / යෙදුම් යාවත් කාලීනයන්, ව්‍යාජ QR Code Scan වංචා, තතුබෑම් ඊමේල් පණිවිඩ ( Email Phishing) ව්‍යාජ කෙටි පණිවිඩ ( SMS Phishing), නිත්‍යානුකූල බවට හැඟවෙන ව්‍යාජ වෙබ් අඩවි සහ Caller ID Spoofing වැනි ක්‍රම වේදයන් භාවිතා කරමින් මෙවැනි අන්තර්ජාලය ඔස්සේ මෙවැනි වංචාවන් සිදුකරන බවට පොලීසිය හඳුනාගෙන තිබේ.
එමෙන්ම මෙවැනි වංචා ප්‍රවර්ධනය කිරීමේදී ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කරලීමේ උපක්‍රම ලෙස ජනාධිපතිගේ අගමැතිනිය ඇතුළු ඉහළ රජ්‍ය නිලධාරින් සහ කීර්තිමත් පුද්ගලයන්ගේ රුව යොදා ගැනීමේ හැකියාවන් ද පවතින අතර මෙම ආකාරයට වංචනික ක්‍රම මඟින් ලබා ගන්නා පුද්ගල සංවේදී දත්ත භාවිතා කරමින් ඉලක්ක ගත තතුබෑම් ප්‍රහාර (Phishing Attacks) මුල්‍ය වංචා සහ අනන්‍යතා සොරකම් ආදී අනිසි ක්‍රියාකාරකම්වලට ජනතාවට මුහුණපෑමට සිදුවන අවදානම් තත්ත්වයන්ද පවතින බව පොලීසිය අවධාරණය කර තිබේ.
එබැවින් මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවීම සඳහා මහජනතාව අන්තර්ජලාය හරහා ගනුදෙනු කිරීමේදී නිසි දැනුවත් භාවයකින් හා අවබෝධකින් කටයුතු කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Saru News
















