උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම් අඛණ්ඩව

0
24


උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසනවා.

එසේම ඉදිරි දිනවලදීද අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සිදුකරන ලෙසත්, වෙළෙඳුන් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම , සඳහන් කළ මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, භාණ්ඩවල සඳහන් කර ඇති තොරතුරු වෙනස්කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිකිරීම , බිල්පත් නිකුත් නොකිරීම , කොන්දේසි සහිතව භාණ්ඩ අලෙවිකිරීම , භාණ්ඩ සඟවා තබාගැනීම , භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම සහ පාරිභෝගිකයන් නොමග යවන අයුරින් කටයුතුකරමින් මිල අඩුකිරීම් සහ සේල් පවත්වාගන යමින් භාණ්ඩ අලෙවිකිරීම සම්බන්ධවද වැඩි අවධානයක් යොමු කරන ලෙසත් එම අධිකාරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

නිවාඩු දිනවලද සහ රාත්‍රී කාලයේද ක්‍රියාත්මක වන එම වැටලීම්වලදී සම්බා සහ කීරි සම්බා සහල් වැඩිමිලට අලෙවි කිරීම මෙන්ම බිත්තර සහ කුකුල් මස් මිල උත්සව සමය තුළ ඉහළ දැමීමට උත්සාහ කරන වෙළඳුන් සම්බන්ධවද විමර්ශන නිලධාරීන් වැඩි අවධානයක් යොමුකරන අතර එම වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබෙනවා.

එමෙන්ම ඉහත වැටලීම්වලට අමතරව ප්‍රධාන නගරවල ඇති බස් නැවතුම් ස්ථාන මෙන්ම දුර ගමන් බස් නතර කරන ස්ථානවල මිල ප්‍රදර්ශනය නොකිරීම සහ වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම , කල් ඉකුත් වූ සහ තොරතුරු සඳහන් නොවන භාණ්ඩ විකිණීම ඇතුලු වැරදි වැළැක්වීම සම්බන්ධව ද අවධානය යොමු කරමින් වැටලීම් සිදුකිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here